IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.

මෙට්‍රි ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය කැනීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ලබාගත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 44කට අධික මුදලක් වැයකර තිබියදී පසුගිය රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ව්‍යාපෘතිය වෙනත් සමාගම් දෙකකට දීමට කටයුතු කර ඇතැයි කියමින් ව්‍යවසායකයකු ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂෙහාන් සොයිසා මහතා අදාළ පොරෝන්දුව දුන්නේය.

රිට් පෙත්සම නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළ අතර අදාල පොරොන්දුව එදින තෙක් බලපැවැත්වීමටද නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ රිට් පෙත්සම සලකා බැලීණි.

‘තිසූකා කෝබේ’ සමාගම සහ එහි හිමිකරු වන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නම් කර ඇත.

නීතිඥ රම්සි බචා නීතිඥ සමාගම මගින් රිට් පෙත්සම ගොනු කරන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ව්‍යවසායකයකු වන තමා ‘මහින්ද චින්තනය’ යටතේ දේශීය ව්‍යාපාර වැඩිදියුණු කිරීමට රජය ලබා දුන් සහාය යටතේ ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ ටේටි්‍රික් ටොන් 7,30,000ක තිරිවානා නිධියක් කැනීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ව්‍යාපෘතිය ලබා ගත් බව සඳහන් කර ඇත.

 



අදහස් (1)

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්

achini Thursday, 03 October 2024 12:16 PM

හිටපු අගමැති දිනේෂ්ගේ නම තියනවා නම් අනිවාර්යයෙන් එතන ලොකුම වංචාවකට ඉඩක් තියනවා

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site