
(අංජුල මහික වීරරත්න)
ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.
1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදුවිය.
අනතුරුව අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.
ඒ අනුව කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි. මෙහෙයුම් කටයුතු ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසූයේ රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තම පෞද්ගලික විශ්වාසය බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි... ඒත් ඉතින් සේවකයින් බඳවා ගැනීමේදී දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. සේවක සුබසාධන සංගමයක් පමණක් ඇතිකිරීම වරදක් නැහැ. කොහොම වුණත් රජය ව්‍යාපාර කිරීම රටේ දියුණුවට අහිතකර වෙන්න පුළුවන්...
මෙම කම්හලේ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක්... ඔය ස්ථානයේ වැඩසිටින නායක හාමුදුරුවන්ට හෝ උන් වහන්සේ අනුදැන වදාරන කෙනෙකුට දෙනවා නම් ඉතාමත් හොඳයි.
බදු නිසි ආකාරයෙන් එකතු කෙරෙනවා නම් රජය ව්‍යාපාර නොකෙරුවාට කමක් නෑ. පොඩි මනුස්සයාගෙන් ගානට බදු ගන්නවා. තෝරු ටික මග හැරලා... ඉතිං... මොකද වෙන්නේ රජය ව්‍යාපාර කළාම...!
ඇඹිලිපිටියේ කඩදාසි කම්හලට කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියට පණ දෙනවා කිව්වාම මගේ බේබදු යාලුවෙක් මතක් වුනා. එයා අරක්කු බීම සදහටම අතාරිනවා අවුරුද්දට හත් අට වතාවක්.
පිටරැටියෝ අපේ රටේ අකාර්යක්ෂමතාව ගැන කියන්නේ මේ කරුණ නිසා කර්මාන්තශාලාවක් කරගෙන යන හැකියාවක් වනෑ මේ ආණ්ඩුවත් සමාගමකට දුන්නා නම් හරි
දේශපාලන ඇඟිලි ගැසීම නවත්තපු දාක පෞද්ගලික අංශය රට ගොඩ ගන්නවා. මේකට වුණත් ආණ්ඩුකාරය ගෑවෙන්න ඕනද?
ඔහොම පණ දීපු ඒවා කීයක් තිබුණද ලන්කාවේ...?