
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩුබායි වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි, සතුටුයි... මේවා තවතව කරන්න ඕනේ...
මේක කොහොමද පළමු තොගය වෙන්නේ...? කටාර්වල ඕනෑතරම් ඇඹුල් කෙසෙල් තියෙනවා..!
අපේ රට ‘‘තාක්ෂණයෙන්‘‘ කොච්චර දියුණු වෙලාද කිව්වොත් ‘‘ඇඹුල් කෙසෙල්‘‘ රට පටවන්න තරම් දියුණු වෙලා...!
අපරට ලෝකයේ ගුරුත්වාකර්ෂණය අවම කලාපයේ පිහිටා ඇත. එබැවින් අප හෙළබිමේ වැවෙන සියළුම ශාඛාවල ගුණාත්මක භාවය අන් සෑම රටකටම වඩා ඉහළයි. මන්ද පසෙහි ඇති ඛනිජ, ලවණ, වෙනත් පෝෂක ගසට ඇදගැනීම මෙම අවම ගුරුත්වාකර්ෂණය තත්ත්වය නිසා ඉතාම පහසු වන බැවිනි. එමෙන්ම මෙම අවම ගුරුත්වාකර්ෂණය හේතුවෙන් අප මව්බිමේ පයගසා සිටින අයගේ මානසික ශක්තියද උසස් මට්ටමක පවතියි. මෙම කරුණු පාදක කොටගෙන, සංචාරක කර්මාන්තය මෙන්ම අහාර අපනයනය ලෝකයේ වෙනත් කිසිඳු රටක නොමැති ආකාරයට ප්‍රවර්ධනය කළ හැකිය. එහෙත් එදා මෙදාතුර අප රටේ බිහිවූ පාලකයින් ඉන් අප රටට ප්‍රයෝජන අත්පත් කොට දුන්බවක් නොපෙනේ...!
මැදපෙරදිග රටවල මේ වන විටත් ලංකාවේ ඇඹුල් කෙසෙල් තියෙනවා. ඕන කෙනෙක්‍ට ලුලූ සුපර් මාකට් ජාලයෙන් ලංකා ඇඹුල් කෙසෙල් විතරක් නෙමේ කෝලිකුට්ටුත් ගතෑකි.