IMG-LOGO

ඇමසන් ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා

ඇමසන් වනාන්තරයේ ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ගෝත්‍රික ගම්මානයක් වෙත වයිරසය සෘජුවම ගමන් කළ බවට වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය බව ඔවුහු වැඩිදුරටත් පවසති.
 
මෙම වෛද්‍යවරයා ඇමසන් වනාන්තරයේ ඉහළ ප්‍රදේශයේ කොලොම්බියා සහ පේරු දේශසීමා ආසන්නයේ ජීවත්වන ටිකුනාස් ගෝත්‍රික ජනතාවට සේවය කරයි. ඔහු නිවාඩු ගොස් සිට මාර්තු 18 දින නැවත සේවයට පැමිණ තිබේ.
 
එදිනම ඔහුට උණ වැළඳී ඇති අතර සතියකට පසු පරීක්ෂා කිරීමේදී වයිරසය ශරීරගතවී ඇතැයි තහවුරු වී ඇත.
 
වෛද්‍යවරාගෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි ගෝත්‍රිකයන් අට දෙනකු ද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.
 
ටිකුනාස් ගෝත්‍රිකයන් 30 000 ක් පමණ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන අතර බ්‍රසීලය පුරා 850 000ක පමණ ග්‍රෝත්‍රික ජනතාවක් වාසය කරති.
 
ගෝත්‍රික ජනතාවගේ ජීවන රටාව අනුව ඔවුන් සමූහ වශයෙන් ජීවත්වන බැවින් ඔවුන් අතර මෙවැනි වසංගත රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. 
 
මන්දපෝෂණය සහ වෙනත් රෝග හේතුවෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වී ඇති ගෝත්‍රික ජනතාව අතර වයිරසය වේගයෙන් පැතිර යා හැකි බවට ද වෛද්‍යවරුන් බිය පළකර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (0)

ඇමසන් ගෝත්‍රික ජනතාවට සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site