( වසන්ත චන්ද්‍රපාල)

කුමන ජාතික වන උද්‍යානයේ සිටින සතුන් මරා බෝට්ටු  වලින් රැගෙන ගොස්  දඩමස් ජාවාරම් කරන ප පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ගත් බව   පොලිස් විශේෂ කාර්ය බලකායේ අරුගම්බේ කදවුරේ නිළධාරින්  කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්ට ලැබුණ තොරතුරක් මත කරන ලද වැටලිමකදි මස් සහ කැස්බෑ බිත්තර  සමග සැකකරුවෙක්  හයදෙනෙකු මෙසේ  අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18)  කුඩා කල්ලි වෙරල තීරයේදී  බටු  කැස්බැවන් ගේ  යැයි සැකකරන බිතත්ර 57  සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

එදිනම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් කොට්ටු කල්ලිය වෙරළ තීරයේදි තවත් වැටලිමක් සිදුකර ගෝන මස් කිලෝ 17 ක් සහ කුලු හරක් මස් කිලෝ 56 ක් සහ ගෝනා ගේ සහ කුලුහරක් පීකුදු කිලෝ 16 ක්  අත් අඩංගුවට ගෙන තිබේ .

 මෙයට අමතරව මුහුදෙන් මස් ප්‍රවාහනය කරලු ලැබු පයිබර්  පයිබර් බොට්ටු 01 අශ්ව බල 25 සුසුකි  එන්ජින් 01, සහ ඉන්ධන කෑන් දෙකක් සමග සැකරුවන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. .පසුව මෙම සැකකරුවන් සහ අත් අඩංගුවට ගත් මස් බිත්තර බොට්ටුව ඉදිරි විමර්ශන සඳහා ලාහුගල වනජීවි කාර්යාලයට භාර දි තිබේ.