ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකානු සංවර්ධන මූල්‍ය ආයතනය ඇමෙරිකානු සංවර්ධන බැංකුව ලෙස ද හඳුන්වනු ලබයි.
මෙම අනුමත කරන ලද මූල්‍ය සහායෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.පළමු ව්‍යාපෘතිය ලෙස කොමර්ෂල් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා දෙන බව පැවැසෙයි.
එම ණය මුදල ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආයතන වෙත ණය දීම පුළුල් කිරීමටත් කාන්තාවන් හිමිකාරිත්වය දරණ ව්‍යවසාය ආයතන වල ණය පරතරය අවම කිරීමටත් යොදා ගැනෙනු ඇතැයි පැවැසෙයි.
දෙවැනි ව්‍යාපෘතිය ලෙස බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණය මුදලක් ලබා දෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදන සමාගමකි.මෙම ණය මුදල සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහාය වනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
තුන්වැනි ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක ණය මුදලක් 'මාස් ට්‍රොපිකල් ෆුඩ්ස්' පුද්ගලික සමාගම වෙත ලබා දෙන බව එම නිවේදනයේ සඳහන් වේ.එමගින් කාන්තාවන්ට නව රැකියා අවස්ථා ඇති කිරීමටත් සැපයුම් දාමය වැඩි කරගනිමින් ව්‍යාපාරය පුළුල් කිරීමටත් අවස්ථාව ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
(යොහාන් බාසුර,විමුක්ති එස් රුද්‍රගු) 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මොනවද කරේ කියලා අහයි.. තව කාලෙකින්...!!!
අම්මෝ ලොකු මුදලක්නේ.. ලෝකෙම බලවත් රටක්ලු...
කොමර්ෂල් බැංකුවට දෙන සල්ලි නම් රාජපක්ශලගෙ උවමනාවන්ට ඔවුන්ගෙ විදේශ වත්කම් නඩත්තුවට අවශ්‍ය නය මුදල් ලබාගන්නව අත නැවත නොගෙවන නය ලෙස.
ඇමරිකාවේ න් ශ්‍රී ලංකාවට ජම්බෝ පීනට් !!!