(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගියදා ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව පසුගියදා හමුදා පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී භූගත කඳවුරු විනාශ කර දැමිය හැකි "මාන්ස්ටර්" මිසයිලය කොරියානු හමුදාව ලොවට ප්‍රදර්ශනය කළේය. හමුදා පෙළපාලිය අතරතුරදී දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් උතුරු කොරියානු නායකයාට අනතුරු ඇඟවීමක්ද කර ඇත. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එය කිම් ජොන් උන් පාලනයේ අවසානය වනු ඇතැයි එහිදී ප්‍රකාශ කළේය
සතුරු බලවේගයක් උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි ඇතුළුව උතුරු කොරියාව සතු සම්පූර්ණ යුද ශක්තිය භාවිත කරමින් එම සතුරු බලවේගය පරාජය කිරීමට පසුබට නොවන බව එම අනතුරු ඇඟවීමට පිළිතුරු දෙමින් උතුරු කොරියානු නායකයා පැවැසුවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.