IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ රේඩියෝ කුළුණක් අතුරුදන් වෙයි

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක යෝධ රේඩියෝ කුළුණක් කිසිඳු සාක්ෂියක් නොමැතිව අතුරුදන් වී ඇත.

ඩබ්ලිව්.ජේ.එල්.එක්ස් ප්‍රාදේශීය රේඩියෝවට අයත් මෙම කුළුණ අතුරුදන් වීම හේතුවෙන් ජැස්පර් නගරය සහ ඒ අවට ප්‍රදේශයේ විකාශන කටයුතු නවතා දැමීමට එම රේඩියෝ නාලිකාවට සිදු වූවේය.

අඩි 200 ක් උස මෙම රේඩියෝ කුළුණ සොරෙකු හෝ සොරුන් කණ්ඩායමක් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි විශ්වාස කරන බව එම රේඩියෝ නාලිකාවේ සාමාන්‍යාධිකාරී බ්‍රෙට් එල්මෝර් මහතා ප්‍රකාශ කළේය.රේඩියෝ නාලිකාවේ විකාශන කටයුතු නවතා දැමීමට සිදු වීම විශාල පාඩුවක් බවත් ඉන් ජැස්පර් ප්‍රජාවට සිය හඬ අහිමි වී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවැසුවේය.

පසුගිය 2 වැනිදා කුළුණේ නඩත්තු කටයුතු සඳහා නඩත්තු කණ්ඩායමක් කුළුණ පිහිටි ප්‍රදේශයට ගිය අවස්ථාවේ එම ස්ථානයේ කුළුණක් නොමැති බව දැක පුදුමයට පත් වී ඇති බව එල්මෝර් මහතා ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී කුළුණ අසල ඇති ගොඩනැගිල්ලේ තිබූ විකාශන උපකරණ සියල්ලද අතුරුදන් වී ඇති බව නඩත්තු කණ්ඩායමේ අවධානයට යොමුව ඇතැයි ඔහු පැවැසුවේය.

අවම වශයෙන් රේඩියෝ කුළුණ ඉතිරිකර යාමට සොරුන්ට යුතුකමක් තිබූ බවත් රේඩියෝ කුළුණක් ආදේශ කිරීමට විශාල මුදලක් වැයවන බවත්  සාමාන්‍යාධිකාරීවරයා සොරකම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.තවමත් මෙම සොරකම කළ සොරුන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැති බවද ඔහු පැවැසුවේය.



අදහස් (2)

ඇමෙරිකාවේ රේඩියෝ කුළුණක් අතුරුදන් වෙයි

fairoos Monday, 12 February 2024 07:04 PM

ලංකාවේ රාජපක්ෂලා වගේ තමයි. කිසිම සාක්ෂියක් නැහැ.

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 13 February 2024 10:58 AM

ඇමරිකාවේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ මෝඩයන්ය…. ඔවුන් අසන්නේද අමුතුම ප්‍රශ්ණය….

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site