IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු

ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.

චබහාර් වරාය යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි. ඉරානයට මධ්‍යම ආසියානු රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු තවත් වැඩි කර ගැනීමට මෙම වරාය උදවු වනු ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතින අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත. ඊට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි ද සෙසු රටවලට ඇමෙරිකාව තර්ජනය කර තිබේ.

ආසියානු කලාපයේ, චීනයේ නැගී සිටීම් මැද, ඇමෙරිකාවට සිටින සමීපතම මිතුරා වන්නේ ඉන්දියාවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් රජය අතරේ පවතින්නේ ඉතාමත් සමීප ශක්තිමත් සබඳතාවකි.

‘ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම අයකු දැන ගන්න ඕනෑ. ර් සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රතිවිපාක විදින්න සිදුවෙනවා. කවුරු වුණත් කරන්න දෙයක් නැහැ’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වක්‍රව ඉන්දියාවට තර්ජනයක් ද කරමිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site