IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මයික් වොල්ට්ස් ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවත් කර, ඔහු එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස නම් කළ බවය.

මයික් වොල්ට්ස් සැබෑ දේශප්‍රේමියකු බවත්, ඔහු ඇමෙරිකාවේත් ඇමෙරිකානුවන්ගේත් යහපත වෙනුවෙන් සැමවිටම කටයුතු කරනු ඇති බවත් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

මින් ඉදිරියට ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරනු ඇත්තේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන මයික් රූබියෝ යැයි ද ට්‍රම්ප් පවසා ඇත.

පසුගිය දිනෙක ධවල මන්දිරයේ ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන් අතරේ රහස් හමුවක් පැවැත්විණි. මෙම හමුවට ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් ද එක් වී සිටියේය.

එම හමුවට මාර්ගගත ක්‍රම ඔස්සේ තවත් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධ වුණු අතර, ඒ සියලු දෙනා සම්බන්ධ කර ගැනීම කළේ මයික් වොල්ට්ස් ය.

කෙසේ නමුත් අත්වැරදීමකින් මයික් වොල්ට්ස්, ඇමෙරිකන් මාධ්‍යවේදියකු ද එම සාකච්ඡාවට මාර්ගගත ක්‍රම ඔස්සේ සම්බන්ධ කරගෙන තිබුණි. රහස් සාකච්ඡාව පැවැත්වූයේ ඇමෙරිකාව යේමනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි.

මේ බව අනාවරණය වෙද්දී, ට්‍රම්ප් පරිපාලනයට චෝදනා එල්ල වීමට පටන් ගැනුණි. ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමටත්, ඔහු එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස පත් කිරීමටත් කටයුතු කළේ එම සිද්ධිය මුල්කොට ගනිමින් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site