(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උදෙසා වන ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ළමා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් අද(15) පැවසීය.

ඇමරිකානු ආයතනය කළ පැමිණිල්ල අනුව අදාල ඡායාරූපවල පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ දරුවන්ද ?යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවත්,ළමා  ආරක්ෂක අධිකාරිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අදාළ ඇමරිකානු ආයතනය ලෝකයේ රටවල් 181ක ළමුන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කරුණු ඉදිරිපත් කළේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන පවත්වා වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩුව බහා තැබීය.