
(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවූ බව ජාතික ජනබලවේගය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක
අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 11:55 AM
අනේ ඔහොමම සජි බබාවත් බලලා යන්න, නැත්නම් එයා බයිඩන් ලොක්කා එක්කත් තරහා වෙයි.
Bandara Tuesday, 14 May 2024 12:05 PM
සමාජවාදය එතනින් නිමාවිය. කෝ මේ ලාල්කාන්ත සහොදරය.
Vithana Tuesday, 14 May 2024 12:23 PM
ඔයාලා කියන එකක් කරන්නම්, අපිට වෙන දේවල් නම් ඔලුවට එන්නෙත් නෑ කිව්වට කරන්නත් බෑ කියන්න ඇති.
අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 04:29 PM
ඔයාට වැරදිලා විතාන ! රනිල් මුත්තාවත් සජිත් බබාවත් නොවෙයි මේ හමුවෙලා තියෙන්නේ, ජාතික ජනබල වේගයේ නියෝජිතයන්ව.
සෙනෙවිරත්න Tuesday, 14 May 2024 12:38 PM
ඔන්න කලබල වෙලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇදගන්න එපා, මේව කාලීනව වෙන දේවල්, මාලිමාවට ජය
Nishan Tuesday, 14 May 2024 01:35 PM
සෙනෙවිරත්න කිවුවා හරියටම හරි. කාලීනව ඇමරිකාව ජේවීපී එක වෙනුවෙන් පෙනී සිටිනවා තමයි. 71 දී සමාජවාදී ආන්ඩුවට එරෙහිව කැරලි ගැහුවෙත් ඒ කාලේ ජේවීපී එක වෙනුවෙන් ඇමරිකාව පෙනී හිටපු නිසා. කාලෙන් කාලෙට අපේ රට අස්ථාවර කරන්න ඇමරිකාව එක්කෝ කොටි වෙනුවෙන් පෙනී හිටියා නැත්නම් ජේවීපී එක වෙනුවෙන් පෙනී හිටියා.
උපුල් Tuesday, 14 May 2024 01:52 PM
මොකක්ද බං ඔය දෙන පදක්කම... විද්‍යාත්මක සමාජවාදය සඳහා වූ මිහායිල් ගොර්බචොව් සම්මානයද ?
UniDon Wednesday, 15 May 2024 07:46 AM
එලොන් මස්ක් කාල් මාක්ස්ව ආරෝපණය කළේය
Vithana Thursday, 16 May 2024 03:44 AM
මොණරවිලට තේරුමක් නෑ. මම කිව්වේ ඔහේගේ අනුර කුමාර ගැන තමයි. අනුර කුමාරට දේශපාලන රැස්වීම් තියන්න ඇමරිකාවට වීසා දුන්නෙත්, අනුර කුමාර ඇමරිකන් කොඩිය ඉස්සරහා හිටගෙන මාලිමාවේ රැස්වීම් තිබ්බෙත්, ඇමරිකාවෙන් එන එන එක්කෙනා මුණ ගැහෙන්නෙත් ඇමරිකන් තානාපතිනී පැලවත්තේ පදිංචි වෙලා ඉන්නෙත් එයා ඇමරිකාවේ සුවච කීකරු ගෝලයා නිසා. අරගලය වෙලාවේ අනුර කුමාරයි ඇමරිකන් තානාපතිනියි එකතු වෙලා තමයි ව්‍යවස්ථා විරෝධීව කථානායකට රට බාරගන්න කිව්වේ. ඒ වෙලාවේ කථානායකතුමා ඒක ප්‍රතික්ෂේප නොකරන්න අද මේ රටේ ජනාධිපති ඇමරික්න් රූකඩයෙක් උන අනුර කුමාර තමයි.