
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදතානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (27) සිදු විය.
ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පළ කර ඇති අතර දෙරට ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී මෙහි දී සාකච්ඡා වී ඇත.නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙට යනවා කිව්වා විතරයි. බල ටිකක් බිඳුණා. මෙයාලා කටින් තමයි බතල ඉන්ඳන්නේ... !
කිඹුල් කඳුළු සැලීම පිළිබඳ ප්‍රසිද්ධ කට්ටිය මොකද කරන්නේ..? එම්.සී.සී. ගහමුද?
දැන ඔතෙන්ට පුටිංගෙ ලියුමත් අරගෙනද ගියේ?