
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකා ජාතිකයකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය අද අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු 38 හැවිරිදි ඇමෙරිකාවේ ටැක්සි රථ රියැදුරෙකි .
ඔහු ඉකුත් හත් වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි .
ඔහු සිය සංචාරය නිමා කර ආපසු පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මළු පරිලෝකන යන්ත්‍රයක් ඔස්සේ පරීක්ෂා කිරීමේ දී මෙම ජීව උණ්ඩ තොගය සහ පතරොම් ගැබ සොයා ගෙන තිබේ .
ඉන්පසුව මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව , එම නිලධාරීන් පැමිණ රාත්‍රී 06.15 ට පමණ මෙම කළු ජාතික ඇමෙරිකානුවා අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු සිය ජපන් ජාතික පෙම්වතිය සමග මාළඹේ ප්‍රදේශයේ සිටින මිතුරියකගේ විවාහ උත්සවයට සහභාගී වී පිටත් වීමට සූදානම් වී ඇත.
මෙම ඇමෙරිකානු ජාතිකයාට එරට තුළ ගිනි අවි භාවිතය සදහා නීතිමය අවසරය සහිත බලපත්‍රලාභියෙකි .
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා ජාතිකයා උණ්ඩ සමග මාට්ටු
Senarath Thursday, 29 December 2022 02:14 PM
ඒ රටේ ගිනි අවි භාවිතයට අවසරයක් මේ සැකකටයුතු ඇමෙරිකානුවට තිබුණට මගීන් ගෙනියන ගුවන් යානය ආයුධ ගෙනියන්න පුළුවන්කමක් නැහැනේ. එහෙමනම් ඕනෑම කෙනෙකුට අවසර තියෙනවා. නියපොතු කපන කටර් එකක්, කතුරක් වගේ දේවල් ළඟ තියාගන්න. ඒත් ගුවන් යානයක යනකොට ඒවා ළඟ තබාගන්න දෙන්නේ නැහැනේ...