(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.
ඉකුත් අවස්ථාවකද මෙම ප්රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බව පවසා ඇති මංගල සමරවීර මහතා මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මෙතෙක් කල් කරේ අධ්‍යයනයෙන් තොරව තීන්දු තීරණ ගත්ත එකනේ. ඉතින් අලුතෙන් වෙනම හිතන්න 225 ම මැරිලා ඉපදෙන්න ඕනේ.. එහෙම වෙලත් විස්වාස නැහැ
මොන මෝඩ කතාවක් ද! කොයි තරම් පොඩි ගිවිසුමක් වුනත් හැම ඡේදයක්ම පරීක්ෂා කරන එක සාමාන්‍ය දෙයක්!
අතිගරු ජනාධිපතිතුමනි, රටේ නායකයා වශයෙන් මෙම කරුණු පුද්ගලිකව සොයාබලා තම තීරණය රටට කියන්න. ඔබතුමා ජනතාව පත්කරගත්තේ රටේ නායකයා ලෙස සෘජු තීරණ ගැනීමටය. ඇමෙරිකාව වැනි රටවල් අමනාප නොකරගෙන රටේ අනාගතය පිටරට වලට නොවිකුණන අයුරින් කටයුතු කිරීම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමු
කරුණාකරලා මෙම භයානක ගිවිසුම ගැන අන්තර්ජාලයේ වෙනත් වාර්තා සහ ඔය ගිවිසුම නිසා ජපානය, පිලිපීනය වැනි රටවල් බැට කාපු හැටි සොයලා කියවලා බලන්න. කොටින්ම ඇමරිකානුවෙක් ඔබේ දරුවෙකුට අතවරයක් කලොත් ඊට විරුද්දව ලංකාවේ නීතිය යටතේ ඔබට මුකුත් කරන්න බැහැ.