(සුජිත් හේවාජුලිගේ)

සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය  ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන අැති බව රාජ්‍ය  පරිපාලන පළාත් සභා හා පළාත්  පාලන අමාත්‍ය මහාචාර්ය  චන්දන අබයරත්න  මහතා පැවසීය.

බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට   පූර්වාදර්ශයක්  සැපයීම සදහා   සියලු ඇමතිවරුන් පොදු එකඟත්වයකට පැමිණ මෙම තීරණය ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්ගේ මෙම තීරණයට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු  උසස් නිලධාරීන්ද  සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගෙන ඇති බව  අමාත්‍යවරයා කීය.

එසේම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයිද  චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර බලශක්තිය ඉතිරි කර  ගැනීමේ පියවරක් ලෙස විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන වේලාවන් (PEAK HOURS) (සවස 6.00 සිට රාත්‍රි 10.00 දක්වා)  මගහැර  විදුලිය පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන්  ඉල්ලීමක් කරන බව අමාත්‍යවරයා කීය.