IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමතිවරු සතුටු කරන්න ජනතාව මර්ධනය කරනවා

(නිමල කොඩිතුවක්කු)

ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවට ජනතාවට මර්ධනයත් මැති ඇමතිවරුන්ට සුඛ විහරණයත් ලබාදීම ආණ්ඩුවේ ක්‍රියාදාමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

මැති ඇමතිවරුන් සතුටු කිරීම සඳහා ජනතාව දිගින් දිගටම පීඩනයටත් මර්ධනයටත් ලක්කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

කොළම මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු තවදුරටත් මෙසේද කීවේය.

“රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩ පිලිවෙලට විරුද්ධව ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් ඉන්නවා. එම ජනතා විරෝධය නැගී සිටීම වළක්වා මර්දනය කර පා ගන්න රජය කරපු අලුත්ම වැඩේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කාලාප ලෙස ගැසට් කිරීම. මේක නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් විදියට අපි විශ්වාස කරනවා.

ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් කටයුතු කරන්න කිසිම බලයක් නෑ. මොකද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකමක්. අපි මේ තීරණයට  විරුද්ධව පෙනී සිටිනවා.ඒ වෙනුවෙන් අපි සමගි ජන බලවේගය හැටියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් සාධාරණය ඉටුවෙයි කියලා.



අදහස් (1)

ඇමතිවරු සතුටු කරන්න ජනතාව මර්ධනය කරනවා

SUNIL MILANO Thursday, 29 September 2022 06:56 PM

මේවගෙ අපතයො කුමට ඉපදුනිද මේ මනු ලොව?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site