IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමතිලාට ඕන විදියට අධ්‍යාපනය වෙනස් කරනු බෑ

(අංජුල මහික වීරරත්න සහ තිසර සමල්)

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව ද  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක් වෙමිනි.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම  සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන්  සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ   විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. 

 



අදහස් (3)

ඇමතිලාට ඕන විදියට අධ්‍යාපනය වෙනස් කරනු බෑ

චන්දිම Friday, 08 September 2023 11:22 AM

අපි පොඩි කාලෙත් ඔය එක එකා ඇවිත් ධවල පත්‍රිකා අඛන්ඩ ඇගයුම් කියලා මල විකාර කරලා අපිවත් කෑවා මදිවට අපේ දරු මුණුපුරන් වත් දැන් ඔන්න ඇවිත් කාලා කාබාසිනියා කරන්න හදනවා.

:       6       13

Hafeel Friday, 08 September 2023 02:30 PM

අන්න මේ සතියත් කිව්වා ගෙන එනවා, කරනවා. නමුත් කරපු දෙයක් නැහැ. අද මෙයා මෙහෙම කිව්වාට සුදුස්සන්ට සුදුසු තැන දෙන්න නැහැ. ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති, සාගලට ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශක, සෞඛ්‍ය පිළිබඳව කිසිම දැනුමක් නැති කෙහෙලියට සෞඛ්‍ය ඇමැති, ආරක්ෂාව පිළිබඳව කදිම දැනුමක් නැති ප්‍රමිත බණ්ඩාරට ආරක්ෂක රාජ්‍ය ඇමැති. ඉතින් මෙයා කියන එකයි කරන වෙන එකයි...!

:       1       5

Perera Friday, 08 September 2023 08:53 PM

ඇමැතිලාට ඔය කියන ඒවා තේරෙන අය අඩුගානේ සාමාන්‍ය පෙළවත් සමත්වෙලා ඉන්න ඕනෑ නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site