(සුජිත් හේවාජුලිගේ)
ජනතාව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයකින් පමණ පසු මෙරටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඉන්දීය සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පත්වන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
රටේ සෞඛ්‍යමය අවදානම පහව ගොස් නැති බවත් අලුත් සතුරකු කැරකීමෙන් තිබෙන බවත් ඇය සඳහන් කළාය.
ඩෙල්ටා ප්‍රභේදය මතුවීමේ අවදානමක් තිබෙන බවද රාජ්‍ය ඇමතිවරිය කීවාය.
මේ තත්වය නිසා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් එසේ කටයුතු නොකළහොත් ලොකු අවදානමක් මතුවිය හැකි බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොරෝනාවලින් වැඩියෙන්ම මිය යන්නේ 60ට වැඩි අය බවත් ඒ පිරිස්වලට එන්නත් එන්නත්කරණයේදි වැඩි අවධානය යොමු කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ නිසා බවත් ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60ට වැඩි අයට වැඩි අවදානයක් දෙන නිසාද කොවිශීල්ඩ් පළමු මාත්‍රාව දුන්නු 60 ට වැඩි බහුතරයකට මාස 03 ක් පහුවෙලත් තවම දෙවෙනි එන්නත් දෙන්නේ නැත්තේ ?
ජනතාව බයගන්වලා අනුන්ගේ වුවමනාවන් වලට රටම පාවාදෙන්න එපා. මිනිස්සුන්ට මොකක්ද කරන්න කියන්නේ..? බලන්න සිංගප්පූරුවේ කොරෝනා හෙම්බිරිස්සාවක් කියලා හිතලා වැඩකරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙනවා. අපේ රටේ තවමත් කොරෝනා කරේ තියාගෙන වවන් කනවා... ස්තුතියි.
හරි. ආණ්ඩුව හරියට කළා. ජනතාව වැරදි කළා. ඒ තත්වෙට සමාජය පත් වුනේ කොහොමද කියලත් හොයා බලන්න..
ඇමතිතුමිය කියන දේ වෙන්නේ ජනතාව මූලික සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකළොත් පමණයි. එසේම රටේ අඩුම වශයෙන් ලක්ෂ 160ට වත් එන්නත ලබාදිය යුතුයි. එන්නත් ලබාගැනීමට රජය ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය කළයුතුයි. ඒක කරගන්න බැරි ආණඩුවෙන් ඇති ඵලය කුමක්ද?