
(අංජුල මහික වීරරත්න)
රුපියල් 55ට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන කොළඹ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ලේ දී අඩු මිල බිත්තර මල්ලක් මිලදී ගත්තේය.
වෙළෙඳ පොළේ බිත්තර මිල රුපියල් 65-70 දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලින් ඉල්ලිමක් කළේය.
ඒ අනුව කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළ අද (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආරම්භ විය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට අපේක්ෂිත බව එම සංගමය පැවසීය.
මීට අමතරව මෙම මස 30 දින ගාල්ල හා මහනුවර නාගරික ප්‍රදේශ තුළ බිත්තර අලෙවි කිරීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.