(සුජිත් හේවාජුලිගේ )

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට විපක්ෂයේ එකඟත්වයක් තිබුණද ආණ්ඩු පක්ෂයේ එකගත්වයක් තවමත් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

තම පක්ෂය  ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට  සූදානම් නැති නමුත් ඇමතිකම් වලට ආසාවෙන් සිටින පිරිසක් පක්ෂයේ  තීරණයට පිටින් කටයුතු කර ඇති බවත්  එය ඒ අයගේ අදහස බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

කැබිනට් ඇමතිවරුන් තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇතැයිද ඔහු  පැවසුවේය.