
(සුජිත් හේවාජුලිගේ)
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාවට විදීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් තමා රජයේ නියෝජිතයකු ලෙස ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
එම ස්ථානයේ පාස්පෝට් නිකුත් කිරීමෙන් කටයුතු මීට වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා එසේ නොවීම ගැන කනගාටුව පළ කරන බවද ප්‍රකාශ කළේය.
මේ තත්ත්වය මතු වී ඇත්තේ අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම නිසා බවත් අලුත් බලපත්‍ර තොගය ඔක්තෝබර් මාසය වනවිට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය. එතකම් තියෙන ඒවායින් පාලනය කර ගැනීමට සිදුවන බවද විදේශ අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අකාර්යක්ෂමතාවය පෙන්වන අවස්ථාවක් කියන්න පුළුවන් අනුරයියා කියන ආකාරයට එම නිලධාරියාත් රජය අපහසුතාවට පත්කිරීම සඳහා දේශපාලන කටයුතු කරනවාද බැලුවොත් හොඳයි නේද?
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ අමාත්‍යාංශය යටතට නොපැමිණෙන බැවින් වෙනත් අමාත්‍යාංශවල කටයුතුවලට මැදිහත්වීම ඔහුගේ කාර්යයක් නොවේ. එපමණක් නොව, මිනිසුන්ට සමාව අවශ්‍ය නැත, ඔවුන්ගේ අවශ්යතාවය විදේශ ගමන් බලපත්‍ර පමණයි.
සමාව ඉල්ලුවා ම ප්‍රශ්නය විසඳිලාද..?
පාස්පෝට් එකවත් මිනිසුන් අමාරුවේ නොදමා දෙන්න බැරි රනිල්ගේ ආණ්ඩුවද නැවත බලය ඉල්ලන්නේ. බලාගෙන ඉන්න ජනතාව ඡන්දේ නෙමෙයි දෙයි හොඳ පාඩමක්...!
ගුවන් ගමන් බලපත්‍රය තාමත් වැල් පාලමේ කර තියාගෙන යන ගමන්... දේශපාලුවන්ගේ හෝ ඔවුන්ගේ එක හෙන්චයියෙක්‌වත් ඔය පෝලිමේ ඉන්නවාද කියලා කියන්න බලන්න..
සමාව ඉල්ලන්න ඕනේ මොහු නොවේ විෂයභාර ඇමැති ටිරාන් අලස් සහ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය, සමාව ඉල්ලලා පමණක් මොවුන්ට මේ වගකීම් වලින් ගැලවෙන්න බැහැ.. අලුත් පාස්පෝර්ට් ඔක්තෝබර් මාසේ ලැබුණත් මේවා ඉක්මනට ජනතාවට නිකුත් කරන්න ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා අවශ්‍ය වෙනවා... උදාහරණයක් ලෙස රජයට පුළුවන්, මේ ප්‍රශ්නේ ගැන ජනතාව දැනුවත් කරලා, මාස 3 තුළ ගමන්බලපත්‍ර ලබාදෙන පොරොන්දුව මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉල්ලුම්පත් ලබාගන්න දිපව්‍යාප්ත වැඩ පිළිවෙලකට යන්න.. එවිට මිනිස්සු කොළඹ ඇවිත් ආගමන කාර්යාලය ඉස්සර කළහ කරන එකක් නැහැ.. ඉන්පසු පොත් ලැබුණාම පැය 24 ශිෆ්ට් ක්‍රමයට ඒවා මුද්‍රණය කර ජනතාවට නිකුත් කරන ක්‍රමයක් සංවිධානය කරන්න පුළුවන්... මේවා මුකුත් නොකර ආරක්ෂක නිලධාරීන් යොදා ජනතාවට තර්ජනය කිරීම අනුමත කරන්න බැහැ... දිනෙන් දින නැගෙන ජනතා අසහනය පුපුරා ගොස් ජනතාව විසින් නිලධාරීන්ට පහරදෙන තත්වයක් ඇතිවුනොත් වෙන්නේ මහා විනාශයක්, 21 ඡන්දෙන් පස්සේ මෙතැන විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා... එම නිසා ලොකු නිලධාරීන් සියලුදෙනා එකතුවෙලා වහාම විසඳුම වැඩපිළිවෙලකට යන එක සුබයි...
වසර 75ක් සමාව දුන්නා වැරැදි හදාගන්න. ආයි නම් බැහැ සබ්‍රි, දැන් පරක්කු වැඩියි. 21 වෙනකන් විතරයි.
රට බංකොළොත් කරපු සෙට් එක්ක එකතුවෙලාරට ගොඩගත්තා කියන මුසාවටත් ඡන්දෙදී ජනතාව සමාව දෙයි බලන් ඉන්න.
පාස්පොට් ටික වෙලාවට දෙන්න බැරි අය, රට දියුණු කරනවලු....
සේරම ඔහොම තමයි... කිසිම ප්ලෑන් එකක් නෑ.
සමාව ඉල්ලන්න ඕනා නැහැ, හට්ටි මුට්ටි පොට්ටනි බැදගෙන යන්න ලැහැස්ති වෙයල්ලා බොරු කයිවාරු කාරයෝ.
ලංකාවේ අපි හැම එකටම සමාව දීලා පුරුදුවෙලා තියෙන්නේ . හැබැයි මේ සැරේ චන්දෙ නම් ඔතන කිටපු කාටත් ලැබෙන්නේ නෑ
පාස්පෝට් එකත් ලබාගැනීමේ අයිතියත් අහිමි වෙලා. පිටරට සංචාරයක් හෝ රැකියාවකට යාමේ මූලික අයිතියවත් අහිමිකරපු මේ ආණ්ඩුවට තවත් බලය ඉල්ලන්න ලැජ්ජ නැද්ද ?
රෝහණ හා අරවින්ද දෙදෙනාම මොන ලෝකෙක ඉන්න මිනිස්සුද කියලා හිතාගන්න බැහැ... මොකද රටේ පාලනය සම්පූර්ණයෙන්ම කරන්නේ ජනාධිපති හා ආණ්ඩු පක්ෂයේ පිරිස විතරක් නෙවෙයි කියලා ඔවුන්ට කිව්වාට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි... ඇත්තටම ජනාධිපති හා දේශපාලුවන් කරන්නේ ටිකයි. ඉතිරි සියලුම දේවල් කරන්නේ රජයේ නිලධාරින් විසින්ම තමයි... ඉතින් ආගමන, විගමන පාලක තමන්ගේ රාජකාරි පැහැර හැරියොත් ජනාධිපති වැරැදි වෙන්නේ නැහැ.. මෙතැන වෙලා ඇත්තේ ආගමන, විගමන පාලක හෝ ඔහු යටතේ සිටින ජේවීපී නිලධාරි පිරිසක් ඔවුන්ට බලය ගැනීම සඳහා ආණ්ඩුව අවමානයට ලක්කිරීමට රාජකාරි කඩාකප්පල් කිරීමක් වෙන්නත් පුළුවන්... මෙයින් රජයට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අඩුවෙනවා... කොහොම වුණත් ආගමන විගමන පාලක සාධාරණ පිළිතුරක් දෙන්නේ නැත්නම් රජය (රජය කියන්නේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවවත්, මාලිමා ආණ්ඩුවවත්, සජබ ආණ්ඩුවවත් නොවෙයි, ශ්‍ර්‍රී ලංකා රජය බව කිවයුතුයි) අවමානයට පත්කිරීම අපහසුතාවට පත්කිරීම වෙනුවෙන් අදාල නිළධාරින්ට උපරිමයෙන් දඬුවම් දියයුතුයි.
ඔය එක්කම ගෝඨාභය රාජපක්ෂගෙනුත් සමාව ඉල්ලුවා නම් නරකද? එයානේ ඔයාට ඡන්දයක්වත් ඉල්ලන්නේ නැතුව ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු ගෙනත් කෙලින්ම අධිකරණ ඇමැතිකමක් දුන්නේ. එයාගේ නඩු කතාකරලා ඔයා කොච්චර හම්බ කරන්න ඇද්ද? ඉතින් ඔයාව ඉහළටම ගෙනාපු ඉනිමගට පයින් ගැහුවා කියලා පිළිගන්නේ නැද්ද? ඒකත් කරලා ඡන්දෙකුත් ඉල්ලලා බලන්නකෝ.
සමාව දෙන්න බලාගෙන ඉන්නේ... 21 වෙනකන් ඉන්නකෝ...!