(රංජන් කස්තුරි)
සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.
පරිපූරක සහ අතුරුවෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය පිළිබඳව එම සේවාවන්ට අයත් වෘත්තීය සමිතිවල නායකයන් හා සෞඛ්‍ය ඇමැතිවරිය අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති අතර එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව ද පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.
එම නිසා පරිපූරක හා අතුරුවෛද්‍ය සේවාවල වෘත්තිකයින් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද කුමුදේශ් මහාත සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින අර්බුදය තේරුම් ගන්න බැරි අසත්පුරුෂ මිනිසුන්... මේ කාලයේ එක එක දේවල් ඉල්ල ඉල්ලා රටට කරදර කරන සියලු දෙනා අසත්පුරුෂයින්... රැවුල ගිනි අරන් තියෙද්දි සුරුට්ටු පත්තු කරගන්න හදනවා...
ඔන්න ගුරුවරු ඔන් ලයින් උගන්වන එක නතර කරන්න හදනවා. එයාල කිසිම ආකාරයට ඔන් ලයින් උගන්නන්න බැඳිල නැති ලු. ඉස්කෝලෙ පටන් ගත්තු දවසක උගන්වන වලු. එයාලට ඔන් ලයින් උගන්නන්න කිසිම පහසුකම් රජයෙන් දිල නැහැලූ . හැබැයි එහෙම උනොත් අපේ පොඩිවුන් ට මොකද වෙන්නේ .
මේ අයට සුවවිරුවන් කියන්න සුදුසු නෑ. මේ රටේ විරුවන් ඉන්නේ රණවිරුවන් පමණයි.
ජනපතිට මේ සංගම් එක්කත් කතාකරන්න පුළුවන්....!
රට අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන අවස්ථාවාදීව කටයුතු කරන මේ අයට හෙණම ගහන්න ඕනෑ.