
(යොහාන් භාසුර)
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතුළු අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.
අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බවත් සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට 1987 සිට මේ දක්වා තීරුබදු රහිතව මහජන මුදලින් ලබාගත් වාහනවලට මොකද කළේ..? මහා සමාජවාදී වාසිදේව සහෝදරයා. ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා.
හොඳ වැඩක්... රට ගැන හිතලා ඉතිරි කට්ටියත් වාහන සහ අනිකුත් සියලු පහසුකම් අත හැරලා එම මුදල් පොදුජන සුව පිණිස යෙදෙව්වොත් නරකද? පෙන්නන්න බලන්න අපි දේශපාලකයෝ මිසක් දේශපාලකයෝ නොවේ කියලා...
අනේ යන්නම යන්න. ආයේ පැත්ත පළාතේ එන්න එපා.. අනිත් 225 මේ විදිහට යනවා නම් අපිට ඉර පායයි..
"බලවත් අයගේ සැම වත්කම් සෙවීම ... නොකරන නිසා මහ ජන කලකිරීම... රටේ මුදල් හොරකම් කොට තිබීම... හේතුව මෙයයි රට පහළට වැටීම ... "
මොකද්ද තමන්ගේ ප්‍රජාතන්ත්‍රය...? මේ අමාරු අවස්ථාවේ අවශ්‍ය ලොකුකම පෙන්නන එක නෙවෙයි. උරෙනුර ගැටී මේ නරාවලෙන් ගොඩඒමයි. තමුන්ලාට තවත් ගොඩඒමක් නැහැ.
මේ රථයට ඉන්ධන ලීටරයකින් කිලෝමීටර 5ක්වත් යන්න බැහැ.. මෙයා මේක බාර දුන්නට තව කීදෙනෙක් සතුව තිබෙනවද? රජයේ මුදල්වලින් නඩත්තු කරනවද?