(රෝෂන් තුෂාර)
නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (21) දින නියම කළේය.
පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් හා අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඡන්ද විමසීම හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයක පවත්වන ලෙස නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා කළ ඉල්ලීමක් අනුව නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2018 වසරේදී නිවසේ සිදුවූ බහින්බස්වීමකදී ආරවුලක් ඇති වූ බවට අමාත්‍යවරයාගේ සහෝදරිය කළ පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අමාත්‍යවරයාගේ වැඩිමල් සහෝදරියද අධිකරණයේ පෙනී සිටියාය.
අක්කා සහ මල්ලි අතර ඇති වූ සුළු ආරවුලක් වුවත් නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය අකමැති වීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කර ඇති බවට පැවසේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා
sam Thursday, 22 February 2024 11:56 AM
සහෝදරකමවත් රැකගන්න බැරුව බුද්ධ ශාසනේ රකින්නේ කොහොමද?