(ඩයනා උදයංගනී)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
වර්තමානයේ මෙරට පවතින අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර ලබාගැනීම වෙනුවෙන් සහය ලබා දෙන්නැයි තමන් විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.
තමන් එවන මුදල් නිසි ලෙස භාවිතා වෙනවාද, ඒවායින් බෙහෙත්, තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ගන්න ප්‍රමුඛතාව නොදී යකඩ බට හා හෙලිකොප්ටර්වලට තෙල් ගන්නවාද යන ගැටලුව ජනතාවට තිබෙන බව කී ඇමතිවරයා ඔවුන් තුළ එවන් අදහසක් ඇතිවී ඇත්තේ පැරණි වැරදි නිසා බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පැරණි වැරදි නිවැරදි කර වැටුණු රට ගොඩගැනීමට මහන්සි වන බව කී නානායක්කාර මහතා ජනාධිපතිවරයා ද අසමත් වූ බව පිළිගෙන වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.
ඒ නිසා ජනතාව පෝලිම්වල හිටියත්, මව පියාට බෙහෙත් නැති වුණත් රාජපක්‍ෂලා යන තුරු මුදල් එවන්නේ නැහැ කියමින් නොසිට තමන් ලැබූ නිදහස් අධ්‍යාපනයෙන් පෙරළා රටට උදව් කරන්න වෙලාවක් උදාවී ඇතැයි ඇමතිවරයා කීවේය.
එදා ‘අපි එනකම් ලයිට් නිවන්න’ කී අය අද පෝලිම් තිබුණත් අපි ආවම මුදල් එවන්න කියමින් සිටින බවත් එය අනුමත කළ නොහැකි බවත් මනූෂ නානායක්කාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගෙ සහතිකෙ කාටද ඔනෙ..සමගි ජනබලවෙගෙ ඉන්නකොටත් පක්ශයට සහතික වෙලානෙ හිටියෙ
ඔයාගෙ දික්කසාද නෝනාටයි, ළමයටයි හරියට වන්දිය ගෙවනව කියලා එයාගෙන් සහතිකයක් අරන් එන්න. ඊට පස්සේ අපි රට හදමු .
විහිලු කරන්නෙ නතුව අපි එවන සල්ලිවලට අපිට ලබෙන සහන ගසට් කරන්න අපි සල්ලි එවන්නම්. ඔයාලාගෙ සහතික කද විස්වස කරන්නෙ සර්? අනික ජනාධිපතිතුමා කලින් කරපු වැරදිහදා ගත්තා කියමුකො, එයා අනාගතෙ තවත් වැරදි කරන්නෙ නැහැ කියන එකට තියෙන සහතිකය මොකද?
අනේ පලයන් බං යන්න. උබල කිව්ව පලියට සල්ලි එවන්න අපි ගොන්නුද. හරිම හිරිකිතයි උබයි හරීන් ගැනයි.. රාජපක්ශල ගියාම තමයි අපි සල්ලි එවන්නේ. අපේ අම්මල තාත්තල ගැන අපි බලගන්නම් . උබ වද වෙන්නෙ නැතිව හිටියනම් හරි.
ඔහෙල ගව රොත්තම යනකන් ඒවන්නෙ නැැ!