(ඩයනා උදයංගනී)
රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍යහමුවකදී එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.
සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවේ කිසිඳු ඇමැතිවරයෙක් ආරක්ෂා කිරීමේ උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීවේය.
ඉකුත් 21වැනිදා ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින් තේරීම් කාරක සභාවක් පෙන්වා විශ්වාසභංගය කල් දැමීමේ කිසිදු නීතිමය ප්රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැතැයි කී මන්ත්‍රීවරයා එය කල්දැමීම වරදක් බව ද කීවේය.
මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගවලදීත් ඉදිරිපත් වූ චෝදනා මත පදනම්ව ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට විරුද්ධව ඡන්දය ලබා දුන් බව කී මන්ත්‍රීවරයා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙනුත් අනුගමනය කරන්නේ ඒ ප්රතිපත්තියම බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමක්, නගරයක් ගානේ ගහලා තියෙන බැනර් දැකලා බය හිතුණා නේද...?
හොඳ උත්සාහයක්. ඒත් තවත් නම් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි. විශ්වාසභංගය පරාජය වෙන තැනට වැඩ සිද්ධ කරලා දැන් මිනිස්සු රවට්ටන්න හදනවා.
එසේ වුවද උපහාස, අපහාස අඩු නොවනුු අැත. ජාතිවාදය වෙනුවෙන් පෙනී නොසිටින ඔබට උපහාරය...
දැන් චොර වෙලානේ ඉන්නේ.. ගොට්ට අල්ලන්න ගිහිල්ලා.. වෙන කරන්න දෙයක් නැහැ... ජාමේ බේරගන්න නේද ගොයියෝ..?
මේ රටේ තරුණ පරපුර හා රට විනාශ මුඛයට ඇද දැමීමේ මෙහෙවර හැර වෙනත් මෙහෙවරක් මොවුන් මේ රටට කර තිබෙනවද? "වැල යන පැත්තට මැස්ස ගහන " මොවුන් හැමදාම මේ රටට කලේ කොඩිවිනයක්? මුස්ලිම් දේශපාලකයින් ඔවුන් කැමති අය බලයට පත් කරලා ඔවුන්ගේ කාර්යය කරගත්තා. මේ අය යටිකූට්ටු වැඩ කරමින් ජනතාව රැවටවීම හා ඔවුනුත්, ඔවුන්වම රවට්ටා ගැනීමයි. දැන්වත් මේ රටේ ජනතාවට පව් නොදී, ඔබලාට ගැලපෙන කාර්යක නිරත වෙන්න. සිංහල ජනතාවගේ වටිනා ඡන්ද ටික බෙදා වෙන් කරන්නේ නැතිව...
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කිරීම ප්‍රමාණවත් නැත. ආණ්ඩුවට විරුද්ධව ඔබලා ගෙනා විශ්වාසභංගය තාවකාලිකව අයින් කරගෙන රිෂාඞ් බදියුදීන් ගොයියාට ඇති විශ්වාසභංගය අවසන් වුවාට පසු ආණ්ඩුවට විරුද්ධව ඔබලගේ විශ්වාසභංගය නැවත ඉදිරිපත් කරන්න. නැතිනම් රිෂාඞ් බදියුදීන් ගොයියාට ඇති විශ්වාසභංගය පළමුව ගෙනඒමට රජයට බල කරන්න. කිතුණු ජනතාවට බලාගන්න ඕනේ... කිතුනු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගෙනා තම ආගමිකයින්ට සලකනවාද? නැතිනම් මුසල්මානුවන්ට සලකනවාද කියා බලාගන්න...
ඒ කියන්නේ බදුර්දීන් දිනන පාටක් ඇති. ජෙප්පා දිගටම කලේ මේක. ආණ්ඩුව දිනනවා නම් වීරයා වගේ විරුද්ධව ඡන්දේ දෙනවා. පැරදීගෙන එනවා නම් හෙමිහිට එක්කෝ ඡන්දේ වර්ජනය, නැතිනම් මොකක් හෝ තර්කයක් හදලා පක්ෂව ඡන්දෙ දෙනවා. "අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතට" ඡන්දේ දෙන්න හේතුව හදාගත්ත හැටි මතකද..?
බදුර්දීන් ඉල්ලා අස්වුණා.. කියලා අහන්න ලැබෙයි.. හෙට අනිද්දා වෙනකොට. මෙයාලා වීරයෝ වෙලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති..
මොකද වැඩේ යන විදියට ඡන්ද පෙට්ටියට අත නොගහව්වොත් බෙල්ල ගහල යන පාටයිද?
විශවාස භංගෙට පක්ෂව ඡන්දේ දෙන එක ගැන සතුටුයි. එත් අනුරගේ ක්‍රියාකලාපය මුළු ජවිපෙ ම විනාශයට අද දමල ඉවරයි. ඒ පතාක යෝදයෙක් ලෙස සක්‍රීය දේශපාලනය තුළ තම ලකුණ සටහන් කර තිබුණ ජවිපය තම විසින්ම අද මියැදෙන ලෙඩෙක් ලෙස අන්තිම හුස්ම හෙලමින් සිටින්නේ. අපි දැක්ක කුරුණෑගල දොස්තර සිංහල මවුවරුන්ව වදකරීම ගැන ඇතිවෙලා තියෙන ඉතාම සංවේදී ගැටලුවේදී අනුර කොච්චර ඉක්මනට මේ වාර්තා බොරුයි කියල පාර්ලිමේන්තුවේදී කිව්වද.. ජවිපෙට මිනිසුන් ඡන්ද නොදුන්නට ඔවුන් ගැන හොද විශ්වාසයක් තිබුණ.. ඔවුන් සත්‍ය කතාකරනවා කියල.. නමුත් අනුරගේ නායකත්වයෙන් පස්සේ කියපු දේවල් ඔක්කොම වගේ බොරු.. ඒ විශ්වාසය මුළුමනින්ම බිද වැටිලා. අනුර විසින් ජවිපෙ දුෂණය කර ඇත.
රිෂාඩ් රකින ගොඩට වෙටිලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවද? නැතිද යන්න තීරණය කරන්න
ජ.වි.පෙන් රටට මෙහෙයක් නොවුනා නොවෙයි. මහා පක්ෂ දෙකෙන්ම රටට කෙරුණු හොරකම් දූෂණ ජනතාවට හෙළිදරව් කලේ මොවුන්ය. මොවුන් නොසිටියානම් රටේ මෑතකදී කෙරුණු මහා හොරකම් එලිනොවී වැළලී යනු නොඅනුමානය. ඒගැනත් අපි ටිකක් හිතමු.
මුස්ලිම් විරෝධී රැල්ල උත්සන්න කරගෙන තවත් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් කරගන්නකල් කට්ටියට නින්ද යන්නෙම නැති පාටයී ! මේ ගොල්ලෝ ඔය සැරසෙන්නේ මැතිවරණය එනකල් අස්ථාවර තත්වයේ තියාගෙන කොහොම හරි බලය ගන්නයී ! එතකොට ඔය දැන් කබරයෝ වෙලා බදියුදීන් සහ හිස්බුල්ල තලගොයින් බවට පත් වෙනවා සිකුරුයී !
ඒ වුනාට අර දොස්තර බේරගන්න ජ.වි.පෙ කඩේ යනවා.
විජිත හේරත් මන්ත්‍රීතුමා, කණගාටුවෙන් උණත් කියන්න තියෙන්නේ මේ ගෙවන්නේ ඔබතුමාලාගෙ අවසන කාලයයි.
කොහොමද විශ්වාස කරන්නේ... බලමු එදාට ...
රට යන අත තේරිලා වගේ! කොහොම උනත් පමා වැඩයි. මේ රට වර්තමානයේ පවතින කාලකන්නි තත්වයට පත් කිරීමට ඔබ ද බොහෝ සේ උදව් උපකාර කර ඇත.
මෙතන යන අදහස් බැලුවම එකක් පැහැදිලියි. මේ ආණ්ඩුවට ඊළඟ ඡන්දෙදි ඉතිරිවන්නේ දෙවියන්ගේම පිහිට විතරක් බව.