
සුජිත් හේවාජුලිගේ
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි පවසයි.
මෙම බංගලා රජයට භාර ගැනීම එම බඩු භාණ්ඩ අදාල ආයතන වලට බාරදීම අවසන් වන තුරු ප්‍රමාද වෙමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව එම බඩු භාණ්ඩ වහාම බාරගන්නා ලෙස අමාත්‍යාංශය අදාල ආයතන වලට ඊයේ (4) ලිඛිතව දැනුම් දුන්නේය.
බොහෝ අමාත්‍යවරුන්ට රාජ්‍ය ආයතන ගණනාවක් අයිති වී පැවතුණ හෙයින් සිය බංගලා වලට ඒ සෑම ආයතනයකින්ම පුටු මේස රූපවාහිනි ඇතුළු බඩු භාණ්ඩ ගෙන්වාගෙන තිබිණැයි කියති.
හිටපු අමාත්‍යවරුන්ට ලබා දී තිබූ රජයේ බංගලා වලින් ඊයේ(4) වන විට බාර දී තිබුණේ බංගලා දහයක් පමණක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මැති ඇමති පරපුරට රට පාලනය කරන්න වේලාවක් තිබිලම නැහැ වගේයි පෙනෙන්නේ ! හොරකම් කරන්නයි සැප ගන්නවයි ඇරෙන්න,