
සුජිත් හේවාජුලිගේ
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි පවසයි.
මෙම බංගලා රජයට භාර ගැනීම එම බඩු භාණ්ඩ අදාල ආයතන වලට බාරදීම අවසන් වන තුරු ප්‍රමාද වෙමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව එම බඩු භාණ්ඩ වහාම බාරගන්නා ලෙස අමාත්‍යාංශය අදාල ආයතන වලට ඊයේ (4) ලිඛිතව දැනුම් දුන්නේය.
බොහෝ අමාත්‍යවරුන්ට රාජ්‍ය ආයතන ගණනාවක් අයිති වී පැවතුණ හෙයින් සිය බංගලා වලට ඒ සෑම ආයතනයකින්ම පුටු මේස රූපවාහිනි ඇතුළු බඩු භාණ්ඩ ගෙන්වාගෙන තිබිණැයි කියති.
හිටපු අමාත්‍යවරුන්ට ලබා දී තිබූ රජයේ බංගලා වලින් ඊයේ(4) වන විට බාර දී තිබුණේ බංගලා දහයක් පමණක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
අරවින්ද මොනරවිල Friday, 04 October 2024 10:55 AM
හිටපු මැති ඇමති පරපුරට රට පාලනය කරන්න වේලාවක් තිබිලම නැහැ වගේයි පෙනෙන්නේ ! හොරකම් කරන්නයි සැප ගන්නවයි ඇරෙන්න,