(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද අවසන් විය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ලේ හා විත්තියේ නීතීඥවරු ඒ බව දැනුම් දුන් අතර නඩුවට අදාළ ලිඛිත දේශන ඇත්නම් ලබන මැයි මස 31 වැනි දා එම ලිඛිත දේශන ගොනු කරන ලෙස විනිසුරුවරයා පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය
2015 අපේ‍්‍රල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක‍්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd