(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.
රණතුංග ඇමතිවරයා දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර මෙම කණ්ඩායමේ අදහස් විමසීමක් සිදු කරනු ලබයි. 2015 දී “මහින්ද සුළඟ” වේදිකාවට නැඟීමට පෙර ද රණතුංග මහතා මෙම දේශපාලන මණ්ඩලයේ මතය මෙලෙස විමසා තිබිණ.
වාර්තා වන අන්දමට මෙම රහස් ඡන්ද විමසීම සිදුව ඇත්තේ පෙරේදා (20) රාත්‍රියේ මිනුවන්ගොඩ මාබොදල ප්‍රදේශයේ පිහිටි රණතුංග මහතාගේ හිතවතකුට අයත් උත්සව ශාලාවකදීයි.
පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න දෙකක් විමසා තිබී ඇත. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය බාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න දෙකයි. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත. දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිඵලය දැනට විදේශ ගතව සිටින ඇමතිවරයාට දැනුම් දෙන බවයි.
වත්මන් රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. ඔහු මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඡන්දය සංවිධානය කිරීම සාගර කාරියවසම් නියෝජ්‍ය සංවිධායකවරයාට පවරා රණතුංග මහතා විදේශ ගත වූ බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනම් ගහනව එයාලා මිනිස්සු ටික එකම තැන.
මොන මණ්ඩලේ කැඳෙව්වත් තමුන් කප්පම් ගන්න හොර මගෝඩිස් කෙනෙක් කියලා දැන් මුලු ලෝකෙම දන්නවා... හොඳම දේ කොල්ලෝ ඔය හොරකම් කරපු, පගා ගහපු සල්ලි ටිකත් එක්ක අපේ ඇස්වලට නොපෙනී කොහේ හරි මක බෑවෙන එකයි. ඒක රටට කරන යහපතක්...
මෙයාලට වීසා දෙන ගමන් බටහිර රටවල් බොරුවට කෑ ගහනවා. උන්ට ඕන සල්ලි විතරයි. අපේ උනුත් ඒක දැනගෙන පුළුවන් තරම් අපේ සල්ලි පෙන්නලා ඒ රටවල වීසා අරගෙන පවුල් පිටින් පදිංචියට යනවා. මේ වගේ අධිකරණයෙන් වැරදි කාරයන් වුණ අයට වීසා දෙන්නේ කොහොමද?
අධිකරණයෙන් වැරදිකරුවෙකු කර දඬුවම් ලබපු කෙනෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද??
දුෂණ චෝදනා ලැබුවන් දේශපාලනයේ නියැලී ඉන්නා තුරු අපේ රට ගොඩ නඟන්න ලැබෙන්නේ නැහැ. කනගාටුවට කරුණ මේරට එහෙම වෙන්න ඕන රටක් නොවන එකයි.
එයාට ඕනි තීරණයක් ගන්න පුළුවන්. ඒක එයාගේ අයිතිය. ජනතාව තීරණය කරලා ඉවරයි එයාව විශ්‍රාම යවන්න. ඒක ජනතාවගේ අයිතිය.
ඔබතුමා සුදුසු පොහොට්ටුවටමයි.
ඔවුන් මේ පැත්තෙ සිට අනෙක් පැත්තට ගියා කියල අපට හෝ රටට වෙන සෙතක් දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න.
හොඳම තීන්දුව දේශපාලයෙන් ඉවත්ව යෑමයි. ඔහේලා එකතුවෙලා මේ රටට කරපු හරිය හොඳටම ඇති දෙයියන්ගෙ නාමෙන් තොලොංචි වෙලා යන්න. ඔහේගේ දේශපාලන සෙට් එකම මේ රටට මදි නොකියන්න කොළානේ.
කප්පම් ගන්න පුළුවන් තැනකට යයි.
පක්ෂ පාට කුමක් වුණත් කරුනාකර ලබන ඡන්දෙදි මෙවැනි පුද්ගලයන්ට මනාප ගහන්න එපා.
පුද්ගලික සංචාරයේ යෙදෙන්නේ කප්පම් ගත්තු සල්ලි වලින් වෙන්නැති... පවුලේ අය ඔක්කෝම... දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය වෙච්චි...
මේ ක්‍රමය ඉතාමත් හොඳ ක්‍රමයක්. නමුත් දැන්නම් ජනතාව කියන්නේ හැමෝටම යන්න දැන් ඇති කියලයි.
මේවා ඔක්කොම බොරු නීති රීති. ව්‍යවස්ථාවෙම තියනවා නේද උසාවියකින් වරදකරුවෙක් වුණ කෙනෙකුට පාර්ලිමේන්තු යන්න බෑ කියලා.
අපට කරුණාකරලා කියන්නකො ප්‍රියමාලි ලඟ සල්ලි තැම්පත් කරලා තියන හොරු ලිස්ට් එක. පොල් ගෙඩියක් හොරකම් කරපුවාම සියලුම විස්තර එක්ක ඒ පුද්ගලයාව ප්‍රසිද්ධ කරනව නම් ඇයි සල්ලි දාපු පට්ට හොරුන්ව ප්‍රසිද්ධ කරන්න බැරි.
ප්‍රසන්න ඇතුළු එකෙක්වත් රටට එපා.
රටේ මහධිකරනයෙන් වරදකරුවෙකු මුල් පිටුවේ ප්‍රවෘත්තියක් වුනේ කොහොමද? අහිංසක මහජනතාවගෙන් කප්පම් අරගත් අය හිරගෙදරට දැක්කිය යුතුයි.
දේශපාලන මණ්ඩලයේ ඉන්නෙ මේ වගේම උගත් බුද්ධිමතුන් වෙන් නැති
දැන් මෙික පුවත් පතක දාන්න තරමි වැදගත් දෙයක්ද මෙයා ඒ තරමා වැදගත් එකෙක්ද කවිද මෙි මනුස්සය ගෙ මොකක්ද තියන වටිනාකම.
කප්පම් දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනෑ. කඳයි, බඩයි විතරයි...
මෙයයි ඔක්සිජන් ඕනි නැහැ කිව්ව පුත්තලම් බූරුවයි එකම වල්ලේ හැදිච්ච කනාටු පොල්.
කප්පම් සල්ලි ටික පිටරට බැංකුවක තැන්පත් කරන්න ගිහිල්ලද? රනිල් ආවාට පස්සේ රට කෙසේවෙතත් පොහොට්ටුවේ හොරු කට්ටියගේ නම් ජීවිකාව ස්ථාවර කරලා තිබෙනවා පෙර තිබූ පරිදි වෙන්න...
නාවලපිටියෙ බැරිනම් ජපානෙ ගිහින් හරි ඔහේ ගෙ දේශපාලන තීන්දු සහ මමත්වය පැත්තක දාල නාගරිකසංවර්ධන ඇමතියා හැටියට කරන්න ඕන කාඑයභාර ඉටුකරන්න කටයුතු සම්පාදනයකරල අර අතරමග නැවතිලතියෙන මධ්යම පාන්තික තට්ටු නිවාස ව්යාපෘති නැවත පටන්ගන්න කොන්තරත්තුවන්ට කටයුතු සම්පාදනයකරල ඒ පටන්ගත්ත ප්‍රොජෙක්ස් ඉවරකරන්න. අපි ගෙවල් වලට ඇඩ්වාන්ස් ගෙවල තියෙන්නෙ. ගොඩනැගිලිකර්මාන්තය, ඉන්ජිනේරු සහ වාස්තුවිද්යා දැන් නැවතිල තියෙන්නේ කියල ඔහේ දන්නවද ?
තීන්දුවක් ගැනීමේ සූදානමක් කිව්වා... සතුටු වුණා... සිය දිවි නසාගන්න යනවා කියලා... ඒත් දිගටම කියවන කොට තමයි තේරුණේ තවම රටේ කරුමේ ඉවර නෑ කියලා...
රට සවාරි ගහන්නේ කප්පම්, වන්චා, දූෂණ වලින් ගසාකාපු සල්ලි වලින් වෙන්නැති. පවුලේ අය ඔක්කොම දේශපාලනෙන් හොරාකාළාම බඩවඩා ගත්තු අය...
ඉතින් ගනුකො තොගෙ තීරනේ. අපට මොකැයි? එකෙකුට වැඩක් නෑ.
මේ ගොල්ලන්ට ඡන්දෙ දේවි හොරු, ජාවාරම්කාරයෝ, මැරයෝ සහ මන්ද බුද්ඛි මිනිස්සු. සිහිබුද්ධියක් තිබෙන සාමාන්‍ය මනුෂ්‍යෙයා් ඡන්දේ දෙනනේ නැහැ. යම්කිසි විදියකින් අනාගතේදී ආණ්ඩුව පෙරළිලා ඇපීල් එකේ තීරණය මොහුට අවාසි විදියට ලැබුණොත් හිරේ යන්න වෙන්න පුළුවන්.
නිලධාරීන් සහ දේශපාලකයන් වෙලාව බලලා ගානට පැත්ත මාරු කරලා ඒ පැත්තත් විනාශ කරනවා. තමන්ට තියෙන ප්‍රශ්න ටිකත් විසඳනවා. මේකයි නියම කලාව... මේක නොදන්න හුදී ජනයා හැමදාම ගහමරාගෙන සන්තෝසයෙන් මැරි මැරී උපදිනවා.