
( හැටන් රංජිත් රාජපක්ෂ )
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට භාර දි පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය කියයි.
පසුගිය දින කිහිපය තුළ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රදේශයේදි කලහකාරි ලෙස හැසිරිම සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන නුවරඑලිය පොලිසිය ඉදිරිපිටට ගොස් අමාත්‍යවරයා නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයෙන් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂක අංශ නිලධාරින්ට ලද නියෝගයක් මත මෙම නිලධාරින් තලවකැලේ පොලිසියට ගොස් ඇමති ආරක්ෂක අංශ නිලධාරින් තිදෙනෙකුගේ ගිනි අවි භාර දි ඇත.
ඇමති ආරක්ෂක අංශයේ ගිනි අවි භාර ගන්නා ලෙස තලවකැලේ පොලිසිය්‍ද පොලිස් දුරකථන පණිවිඩයක් ලැබි තිබේ. එමෙන්ම යලිත් පැය කිහිපයකට පසු පොලිසිය වෙත භාරගත් ගිනි අවි යළි එම නිලධාරින්ටම භාරදෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකථන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින්ට භාර දි ඇත.
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඊයේ (01) දින රාත්‍රි 11 ට පමණ තලවකැලේ පොලිසිය වෙත පැමිණ ගිනි අවි යලිත් භාරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ තිරනාටකය දිහා බලන්න. තවත් ජාතිවාදී බිලි ගොඩක කුනු රසයක් දැනෙන්නේ නැද්ද? පොහොට්ටුවොන්ට ලේ රස නැතුව දේශපාලනයක් නැත. මේ ඔවුන්ගේ තුරුම්පුය. රාජපක්ෂ නඩය තොන්ඩමන්ලා සමගම හැදිගෑවිලා යන්න තිබෙන මෙම මැතිවරනය කල් දමා ගේමක් ගැසීමට ලේ පිපාසිතයින් දැනටම තිරනාටක ලිවීම අරඹා ඇත. හදවතින් නොව ඔලුවෙන් කල්පනා කර හරි තැනට ගහමු.
ගිණි අවි සහ ගිණි කෙළි... පරම්පරාවම වතුකරය හොල්ලගෙන හිටපු කට්ටිය. හැමදාම පොලිසියට ලැබුණේ දෙවෙනි ස්ථානය. වතුකරයේ සාමාන්‍ය ජනතාව එදත් කම්කරුවා, අදත් කම්කරුවා, මේගොල්ලො දිව්‍ය ලෝක සැප මෙලොවදීම විදිත්දී ...!!!
චන්දෙ ලන්වෙනකොට මුන් රඟපානවා.ඒවාට අහුවෙන මෝඩ මිනිස්සු මුන්ට චන්දෙ දෙනවා .ඊට පස්සේ ඔක්කොම ඉවරයි
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම යටතේ 330 ,331 වග්නති ප්‍රකාරව සහ සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම යටතේ 340, 341,342 වගන්ති ප්‍රකාරව මේ ආමාත්‍යවරායා ඇතුලු මෙයට සම්බන්ධ සියලු දෙනාට ම නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. මේ අමාත්‍යවරයා තම පාර්ලිමේන්තු වරප්‍රසාධ භාවිතා කරමින් නීති විරෝධීව හැසිරීම බරපතල කාරණයක් බව ද කිව යුතු ය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම, ද සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම ද වූ නීති උල්ලංඝනය කරන බවට තර්ජනය කරන සහ ඒ ලෙස හැසිරෙන මෙවැනි අමාත්‍යවරයන් ආණ්ඩුවක සිටීම, ලංකා රාජ්‍යට කරන බවත් ද්‍රෝහී කමකි. මොවුන් තමන් නියෝජනය කරන ඡන්දදායකයන්ව රජයට විරුද්ධව කැරළි ගැසීමට පොළොඹවන්නේ නො වේද? මේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදය හෝ එසේත් නැතිනම් කොටි ත්‍රස්තවාදයේ මුඛ්‍යාර්ථය, අනියමින් සාධනය කිරීමට වරප්‍රසාද මතින් ක්‍රියා කිරීමක මුල් ඇරඹුම ද?
මෙහෙම ඇක්ටින් දාන්න මූ කවුද ?
සුනඛ පොලිසිය ලැජ්ජ නැතිව යුනිෆෝම් එක දාගෙන ඉන්න හැටි චික් . මුන් සාමාන්‍ය ජනතාවට විතරයි බුරන්නේ , දේශපාලුවන් ඉස්සරා නැට්ට වන වන ඉන්න හැටි විතරක් , තු නොදකින් . සුනඛ
මලයනාඩුව කියන්නේ සිරිලංකාව තුල තවත් රාජ්‍යයක්.
සුලු ජාතික ඉඩම් හිමි නගරංකාරයෙකුට පොලිස් ඇමති යටයි... කොහොමද එයාගේ කයිය විතරයි.... තොන්ඩමන් කම්කරු නායකයකු නොව තේ ඉඩම් හිමියෙක්. පලමුව එයා වැඩිකල වතුකම්කරු පඩිය ගෙවනවද කියල හොයල බලන්න....
හිකිස් .... අර මාධ්‍ය ඉස්සරහා පොරි හැලෙන ටෝක් දෙන අපේ ඇමැතිතුමා කෝ අනේ.
කෝ අනේ වෙඩි තියන්න දෙපාරක් හිතන්න එපා කිව්ව පුද්ගලයා.
මෙවැනි දේශපාලකයන්ට මන්ත්‍රීකම් ඇමැතිකම් නොලැබෙන තැනට කටයුතු කිරීම රටේ සියලු දෙනාගේම වගකීමක්... මොහු ගිනි අවිද රැගෙන ආයතනයකට අයුතු ඇතුල් වීම, පුද්ගලයන්ට ප්‍රසිධියේ තර්ජනය කිරීම, සිරකර තබාගැනීම, ආයතනයේ ක්ෂණිකව වැඩ නැවතීමට සේවකයින්ට බලකිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීම වැනි වැරැදි විශාල සංඛ්‍යාවක් කරන අයුරු සහ පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම, මාධ්‍ය මගින් මුළු රටම දුටුවා. මේවා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 330, 331, 340, 341 සහ 342 යටතට වැටෙන වරදවල්..., වහාම මොහු අත්අඩංගුවට අරන් නඩු පැවැරීම නීතිපති විසින් කළයුතුයි. රජය විසින් මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මොහුගේ ඇමැතිකම් අත්හිටුවන්න ඕනේ.. සිංහල, මුස්ලිම්, උතුරේ දෙමළ මන්ත්‍රීලාට ක්‍රියාත්මක වන ආකාරයට මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම වේ... මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් සහ අනුර කුමාරගේ මතයත් ප්‍රසිද්ධ කළයුතුයි. ඔවුන් ඉදිරියේ හදන ආණ්ඩුවලට මොහු නොගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් රටට දෙන්න ඕනේ...
ඉදිරියට ඡන්ද එනවා.. එම නිසා මේවා ආදර්ශයට අරන් අනෙක් දේශපාලකයෝත් රටේ නීති කඩමින් ඡන්ද ගන්න එක එක පිස්සු වැඩ ප්‍රසිද්ධියේ කරන්න ඉඩ තිබෙනවා.. දැන් ජනතාව ඉන්නේ 225 එපා කියන මතයේ... මෙවැනි දේවල් සිදුවුණොත් මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුණොත් ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා නීතිය අතට අරන් කටයුතු කරන්න පුළුවන්..., එහෙම වුණොත් රටේ අවුල් සහගත තත්ත්ව ඇතිවෙන්න පුළුවන්..., මොහුට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන එක රජයේ සහ රටේ සුබසිද්ධියට හේතුවෙනවා.
වෙඩි තියන්න දෙපාරක් හිතන්න එපා කිව්වේ බට්ටා ලොරියක හෝ ත්‍රිරෝද රථයක හෝ පාර අයිනේ ඉන්න අහිංසක මිනිහෙකුට මිසක් ජනතා මුදල් වලින් පැට්‍රල් ගහගෙන, අවිගත් ආරක්ෂකයෝ පිරිවරාගෙන V8 එකක යන මේවගේ ලයිසන් චණ්ඩියෙකුට නොවේ. මොවුන්ට වෙඩි තිබ්බොත් මොවුන් ඇවිත් වෙඩිතියපු පොලිස් කාරයාගේ පවුල පිටින් මරලා ගෙදරත් ඩෝසර් කරලා යාවි.. ඩයනාට සහ ජීවන්ට තිබෙන්නේ වෙන නීතියක්...
මේ බල්ලා බැඳ දමනු.
ආරියතිලක සහ සිල්වා මහත්වරුන්ගේ අදහස් සමග මමත් එකඟ වෙනවා,අපි මාධ්‍ය වලින් දැකපු අහපු දේවල් අනුව ජීවන් තොන්ඩමන් ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය කිහිපවරක් බරපතල ලෙස උල්ලංගනය කරනවා , මේ වැරදි අධිකරණයකදී ඔප්පු කලොත් ඔහුට බරපතල වැඩ ඇතිව වසර 5 -10 අතර හිරේ යන්න වෙනවා , lawnet.gov.lk කියන අධිකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා ඔබට මෙම නීති (section 330, 331, 340,341, 342) පරිශීලනය කරලා බලන්න පුළුවන් ,මේක විහිළුවක් නෙවේ , රට හදන්න නම් රටේ තිබෙන නිතිය ස්ථාපිත කරන්න ඕනේ , අලුතෙන් නීති හදන්න ඉස්සෙලා තිබෙන නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ , අලුතෙන් බදු ගහන්න ඉස්සර තිබෙන බදු ටික එකතු කරගන්න ඕනේ , මේවා මුකුත්ම නොකර 2043 රට දියුණුවෙනවා කීවට අපේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ . මෙවැනි ප්‍රචණ්ඩ ඇමතිලා ඉන්න රටවල මිනිස්සු ආයෝජනය කරන්න කැමැති නැහැ ,
මේ ඇමැතිවරයාට අනිවාර්යෙන්ම නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි. ඒ ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් නිසා නොව නීතියේ උත්තරීතර බව රැකීම වෙනුවෙනි. ඇමැතිවරයකුට තබා කිසිවෙකුටත් රටේ නීතියට උඩින් වැජබිය නොහැකිය. මේ රඟන්නේ ඡන්දය ඉලක්ක ගත කරගෙන ජනතාව ඇන්දවීමටය.