
(ආර්.එෆ්.එම්.සුහෙල්)
කැලණි වැලි සමාගමේ පීඩෘ කර්මාන්ත ශාලාවට පසුගිය මැයි මස 30 වැනිදා බලහත්කාරයෙන් ඇතුළුවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා අද නියෝග කළේය.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු සැකකරුවන් කැලණි වැලි වතු සමාගමට අයත් පීඩෘ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරන ලදැයි නුවරඑළිය පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කළේය.
අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් වන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු අධිකරණයට පැමිණ සිටියේ නැතැයි පොලිසිය කීවේය
කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ , ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලික සුභසිංහ මහතා සහ සුරේස් ගයාන් නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමීව තිබුන වතුකරයට මේ තත්වය ඇතිකළේ ජේ.ආර් .ඒකයි ජේ.ආර් ට ශාප උනේ .
මේකාට හරියන අනිකා ඉන්නේ පුත්තලමේ .ඔහුත් අධිකරණය,නීතිය සත පහකට ගණන් ගන්නේ නැති විනයක් නැති අපතයෙක්