
(කාංචන කුමාර අරියදාස)
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයක නොහැකි වූ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ඉන්දික කරුණාරත්න මහතා තේරිපත් වූ අතර උපසභාපති ධූරයට ස්වාධීනව ඇපල් ගෙඩිය ලකුණෙන් ඉදිරිපත් වූ මොහොමදු මකීම් මහතා තෝරා පත් කර ගත්තේය.
මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් කේ.පී.කේ. අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගලේවෙල සාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පීඩි ටී .බී .තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී අද පස්වරුවේ සිදු කෙරිණි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගළේවල ආසන 29යෙන් ආසන 14ක් ජාතික ජනබලවේගය පක්ෂයද, සමගි ජනබලවේගය සභික ආසන හතක්ද, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ආසන තුන බැගින්ද, සර්වජන බලය පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම එක එක් සභිග ආසනය බැගින් දිනා ගත්තේය.
නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කළ ඉන්දික කරුණාරත්න මහතාගේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන එම් පි .ආර් ජයතිලක මහතාගේ නම යෝජනා විය..
එමෙන්ම ස්වාධීන කණ්ඩායමකින් ඇපල් ගෙඩිය ලකුණෙන් පත් වූ එක් මන්ත්‍රීවරයෙක් ඉන්දික කරුණාරත්න මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපියට ඩීල් දේශපාලනය ගහට පොත්ත වගේ. 1994 ඉඳන්ම මොවුන් කලේ බලයට ආපු සෑම දේශපාලන පක්‍ෂයක් එක්කම ඩීල් ගසා හම්බ කරගත්තු එකයි. පහුගිය අවුරුදු 30 සැබෑ සාපය කවුද කියලා ජනතාව දැන් දන්නවා..
ගැරඬි, නයි, පොළොංගු, කබරගොයි, මුගටි ගංවතුර තරණය කරන්න එකම කොටය උඩට නගින හැටි අද කොළඹදී හොඳට පෙනුණා. ඉතුරුවත් ඔහොම්ම තමා.
හොරු හොඳවෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ.