(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් තමිල්නාඩුවේ රාමේශ්වරම් නගරයට ඇතුළු වී ඇති බවත් ඒ පිළිබඳ තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අවධානයෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ දන්වා ඇතැයි "ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත.
කන්ජිපානි ඉම්රාන් ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට ශ්‍රී ලංකා අධිකරණයෙන් ඇප ලබා දීමෙන් පසුව දෙසැම්බර් 25 වැනිදා ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට ඇතුළු වී ඇති බවත් ඔහු සහ ඔහු සමඟ පැමිණි සගයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු දිස්ත්‍රික්කයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
ඉම්රාන් ශ්‍රී ලංකාවේ අපරාධ රාශියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින පුද්ගලයෙක් බව "ද හින්දු" පුවත්පත පෙන්වා දී ඇත.2019 වසරේ දී ඉම්රාන් ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ බවත් පසුගිය දා ශ්‍රී ලංකා අධිකරණය මගින් රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් සහ රුපියල් 250000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර බවත් "ද හින්දු"පුවත්පත වාර්තා කර තිබේ.
කන්ජිපානි ඉම්රාන් ඇප ලැබුණු පසු ඉන්දියාවට පැන ඒමට සැලසුම් කර ඇතැයි ඉන්දීය බුද්ධි අංශය සහ විශ්වාස කළ හැකි ආරංචි මාර්ග තමිල්නාඩු බුද්ධි අංශයට තොරතුරු ලබා දී තිබී ඇති බවත් "ද හින්දු" පුවත්පත පෙන්වා දී ඇත.අධිකරණයෙන් ඇප ලැබුණු පසු වෙස්වළාගෙන තලෙයිමන්නාරම වෙත ගොස් ඇති බවත් එහිදී ඔහුගේ සගයන් ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.
කන්ජිපානි ඉම්රාන් පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ කොකේන් සහ හෙරොයින් සැපයුම්කරුවන් සමඟ දැඩි සබඳතා පවත්වන අයකු බවත් ඔහුගේ කල්ලිය විශාල වශයෙන් මුහුදු සීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන කල්ලියක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් "ද හින්දු" පුවත්පතට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලැබුණු දවසෙම ලංකාවෙ බුද්ධි අංශ කොහොම වෙතත් අපිට නම් හිතුනෙ ඕක වෙයි කියල . ඒත් මෙච්චර පරක්කු වෙයි කියල හිතුවේ නැහැ .
හාමතේ පාසැල් යන කුඩා දරුවකු බෑග් එකේ පතුලේ කංජිපානි හැංගිලා ඇති.. ඊළඟ පාසැල් වාර දිනයේ සිට මාධ්‍ය සංදර්ශන සමගම රටේ ඉහල බුද්ධි අංශ දමා සොයන්න.
මොනතරම් විශාල ජාලයක් අත්ද මේ සැකකරුට ඇප ලැබෙන්න තරම් වාසනාවක් ලැබුණේ.
මේවා තනිකරම පොලීසියේ වැරදි. ඇප දෙද්දිත් බලන්න තිබ්බා මේ මිනිහා ඉඳීවිද නැද්ද කියලා. ඇප දුන්නත් පොලීසියට තිබ්බා නැවත අත්අඩංගුවට ගන්න .හේතුව මේ මිනිසාහට ඒරෙහිව චෝදනා ගොන්නක් තියෙනවා. අතට අහුවුණ ඒකාට යන්න දීලා කරන්නේ ඉදිරි අපරාද රැල්ලකට ඉඩදීමක්.
අපේ රටේ නීතිය වගකීමකින් වැඩ කළා දැයි ගැටලුවක්.
සන්තෝෂයි...
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්….
ඇප දුන්නු කළු කබා කාරයා මේ රටට හෙනයක් මුගේ වත්කම් හොයපල්ලා
මුංට යන්න දීලා පුංචි ළමයින්ගේ බෑග්වල තියේද කියලා තමා හොයන්නේ.
ඉන්දියාවට යනකන් පොලිස් ආරක්ශාව හරියට දුන්නද? දන්නෑ , නැත්තන් පව් නෙ කිපානි ඉම්රන් මැතිතුමා
ඇප දීමට හේතුව කුමක්ද? රන්ජන් රාමනායක කියලා හිරේ ගිය හේතුවද?
දැන් පොලිසිය වරෙල්ලා උදේට ළමයින්ගේ බෑග් බලන්න
$1.67B ආරක්ශාවට :)
ඩුබායි වලදී අල්ලපු එකත් බේරිලා ගියා. දැන් තව එකෙක්. කුඩු නැති කරන්න අවශ්‍යතාවයක් තියෙනවද කියලා මේවගෙන් හොඳටම පැහැදිලියි. අහිංසක ළමයි ගේ බැග් චෙක් කරනවා ෂෝ එකට. මේවා විහිළු. මිනිස්සු ඉල්ලන්නේ සත්‍ය සිස්ටම් චේන්ජ් එකක් මේ නිසයි.පුදුමේ කියන්නේ විපක්ෂයේ කිසිම කෙනෙක් වත් වෙනත් මන්ත්‍රී කෙනෙක්වත් මේ ගැන කිසිම කතාවක් නෑ. ඇයි දන්නේ නෑ.
මේ හොර තක්කඩිය රටින් පනින බව ණෙත් FM බැලුම්ගලින් කලින් කිව්ව, එතකොට මූඋට ඇප කොන්දේසි වලට අත්සන් කරපු අයට නීතිය බලපාන්නෙ නැද්ද?