(මොහොමඞ් බුහාර්ඩින්)
පොලිස් ඇදිරිනිතිය කි‍්‍රයාත්මකව තිබියදි එය නොතකමින් හොර රහසේ ගලේවෙල පොලිස් බල ප‍්‍රදේශයේමත් කුඩු(හොරොයින්) ජාවාරමේ නිරතවු කාන්තාවක් සමග රු ලක්ෂ 5 වටිනා හොරොයින් තොගයක් අද (2දා) අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මහතාට ලැබුණ තොරතුරකට අනුව ගලේවෙල නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි කාන්තාවක් ගලේවෙල පොලිස්ථානායේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ශානිකා රණසිංහ මහත්මිය ලවා පරීක්ෂා කිරිමෙන් අනතුරුව ඇගේ තිබු රු ලක්ෂ 5 ක් වටිනා හෙරොයින් පොලිසිය විසින් සොයා ගැනිණි.
සැකකාර 37 හැවිරිදි කාත්තාවක් කල ප‍්‍රශ්න කිරිම්වලදි හෙළවි ඇත්තේ ඇදිරිනිතිය පවතින අවස්ථාවේදි ඉතා සුක්ෂම ලෙස මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද(2) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙම කාන්තාව නිරෝධන මධ්‍යස්ථානයක පවිත්රකිරීමට යොදවන මෙන් ඉල්ලා සිටින්නෙමු.