(සිරිනිහාල් ගමගේ)
ඇඳිරි නීතිය කඩ කරමින් කසිප්පු තිප්පොළක මත්පැන් පානය කරමින් සිටි අට දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පැවසීය.
තෙලිකඩ රෙජ්ජිපුර ප්රදේශයේදී මෙම පුද්ගලයින් අට දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ තවත් පිරිසක් පලාගිය බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බද්දේගම මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තෙලිකඩ පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සමාවක් දෙන්න එපා. අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මෙච්චර විනාශයක් වෙලා තියෙන වෙලාවක ඒක තේරුම් ගන්න තරම් මොලයක් නැති මිනිස්සු ඉන්න රටක කොහොමද මේ විනාශය පාලනය කරන්නේ. මිනිස්සු එලියට බහින්නේ එදාවේල හම්බ කරගන්න ඕන නිසා. නමුත් මේගොල්ලන්ට මේ දවස් දෙක නොබී ඉන්න බැහැ.