(ඩී.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය පැවතියේ දී අද (22) නෙළුව වලව් වත්ත ආරච්චිකඩේ ප්‍රදේශයේ මැණික් ගැරූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්බව හිනිදුම පොලිසිය පැවසීය.
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ගිං ගඟේ තොටුපලක මැණික් ගරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිනියාවල සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචි සිව් දෙනෙකි.
ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ දී මැණික් ගරන බවට හිනිදුම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් හෙට (23) උඩුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නෙළුව පොලිසියේ වැඩක්... හිනිදුම නොවේ.