IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත්: සෞඛ්‍ය අංශ නෑ

(රන්ජන් කස්තුරි සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක  සිල්වා)

බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළුවන්නන් ස්ථාන 12කදී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවනට ලක් කරන බවට ප්‍රකාශ වුව ද අද ස්ථන කීපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වෙයි.

මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල  නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා අහඹු පරීක්ෂණ සිදු නොවු බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙක් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී නොමැති බවයි. එවැනි පරික්ෂාවකදී ආසාදිතයකු හමුවුවහොත් ඔහු සම්බන්ධයෙන් කුමන වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කළ යුතු ද යන්න නොදන්නා බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවැසීය.



අදහස් (6)

ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත්: සෞඛ්‍ය අංශ නෑ

Raveendra Thursday, 29 April 2021 09:50 AM

කියන්න කණගාටුයි... මේ ගැන කියලා මම කලින්ම... කමෙන්ට් එකක් දැම්මා. ඔය විදියට කොහොමද කොරෝනා පාලනය කරන්නේ? බොරුවට මීඩියා ඉස්සරහට ඇවිත් පම්පෝරි ගැහුවට වැඩක් නෑ. ප්‍රායෝගිකව වැඩක් වෙන්නෙ නැතුව...

:       43       41

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 April 2021 10:37 AM

අම්මපා... කෝවිඩ් මර්දන වැඩපිළිවෙලේ ප්‍රගතිය හා ඒවා පාලනය කෙරෙනා මොළගෙඩි ගැන කියලා වැඩක් නෑ.. උත්කෘෂ්ඨයි, විශිෂ්ඨයි, උදාරයි. මේ මොල මේ දක්ෂතා, මේ වැඩපිළිවෙලවල් ඉන්දියාවටත් දුන්නා නම් මාර මාර වටිනාකමක් තමයි අපේ රටට එන්නේ... හුරේ...

:       19       19

mihira Thursday, 29 April 2021 12:15 PM

ඕකට තමයි කියන්නේ මොකක් කරන්න ගියත් මෙයාලා ෆේල් කියලා..

:       15       14

sena Thursday, 29 April 2021 01:21 PM

මේ වගේ පොඩි දෙයක් වත් මෙයාලට සංවිධානය කරගන්න මෙයාලට බැහැනේ..

:       7       13

Don perera Thursday, 29 April 2021 01:27 PM

මොනවා නැතත් සජිත් කිව්ව ගොඩක් දේවල් හරි... එයාට හිනාවෙන රටේ අය නම් හරක්ම තමයි.

:       10       8

Rata Perata Thursday, 29 April 2021 02:56 PM

සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක්. රටේ කිසිම පාලනයක් නැහැ. පාලනය කරලා කරන්නේ බලය ගන්න ඒවයි, නඩුවලින් නිදහස් කරගන්න ඒවයි විතරයි. තවදුරටත් මෝඩ වෙන්න එපා. මේ කාලකණ්ණින්ගෙන් අපේ රට බේරා ගනිමු.

:       19       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site