
ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන ඇති බැවින්, සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.
දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයයි. විද්‍යාඥයෝ මෙය ‘ලෝකාවසාන ග්ලැසියරය’ යන නමින් ද හඳුන්වති. ග්ලැසියරය දියවීමට පටන්ගෙන ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසාය.
ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් එක් වී ග්ලැසියරය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ 2019 වසරේ සිටය. සාගර ජල මට්ටම ඉහළ යෑම මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වෙයි.
ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ‘අයිස්ෆින්’ නැමති රොබෝ කුමුඳුව (කුඩා සබ්මැරීනය) යොදා ගනිමින්, මෙම ග්ලැසියරය ගවේෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනා පරපුර නැමති කුණුකානුවේ ගිලුනු ලංකාවත් යටවෙයිද කියන්න
මුහුදු මට්ටම අඩි 10 ක් නගිනවා. ඉතුරු හරිය හිතාගන්න.