(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සරසවි ඇදුරන්ගෙන් දරාගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම වහාම නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
"ආචාර්යවරුන්ට මෙහෙම කරනකොට ඔවුන් රට අතහැර යෑම පුදුමයක් නොවෙයි" යැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ආචාර්යවරුන්ගේ වැටුප්වලින් විශාල ප්‍රමාණයක් බදු ලෙස අය කරගන්නවා. වැටුපෙන් ලක්ෂයකට වැඩි මුදලක් බදු. මේ නිසා ඒ අයට අද ජීවත් වෙන්න බෑ. මේ තත්වය නිසා ඔවුන් රට අතහැර යනවා. මේ හේතුවෙන් ඇදුරන්ගේ බරපතළ ඌනතාවයක් ඇතිවෙලා තියෙනවා. රටේ බුද්ධිගලනය වැඩි වෙලා. මේ ප්රශ්නය ගැන ඔබතුමා පූර්ණ අවධානය යොමු කරන්න ඕන.
ඒ වගේම වහාම අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇති විය යුතුයි. ඒක අදම පටන් ගන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තට මේ වගේ මෝඩ මිනිහෙක් ? පළමු කරුණ නම් අපේ රටේ ඔය කියන ආචාර්ය වරුන්ගෙන් කීයෙන් කීදෙනාටද ඔය හැමෝම යන්න දඟලන ඔස්ට්‍රලියාවේ, නවසීලංතයෙ , බ්‍රිතන්‍යයේ , කැනඩාවේ හෝ ඇමරිකාවේ සරසවි වල ආචාර්ය වරු ලෙස රැකියා කල හැක්කේ ? මෙන්න මේ ඇත්ත අපේ රටේ සාමාන්‍ය ජනයා දන්නේ නැහැ . අනික ඇත්ත කතාකලොත් බොහොමයක් ආචාර්යවරු ගන්න වැටුපට හරියන වැඩක් කරන්නේ නැහැ . අනික මේක ලංකාව ලංකාවේ ඉන්නවේ ඉඳගෙන එංගලන්තේ ආචාර්යවරුනට ගෙවන වැටුප් ලබාගන්න බැරි බව කවුරුත් මතක්කර ගතයුතුයි . ඔය කියන දියුණු රටවල වි විද්‍යාල වල අධ්‍යාපනය සඳහා මුදල් ගෙවිය යුතුයි . ඒ රටවලත් බදු ගෙවන්න වෙනවා කාටත් . දැන් ආචාර්ය වරුන්ගෙන් බදු අය නොකරොත් අනිත් මිනිස්සු බදුගෙවාවිද ? බදු නොගෙන කොස් ඇට විකුනලද ඔය හැම ලබ්බම නිකන් දෙන්නේ ?
රට ගිහිල්ලා ආපසු එන්නෙ නැති එක මේ බදු පණවන්න කලිනුත් තිබුණා. අනික එයාලට විතරක් ඇයි විශේෂයක්? සමහර ඇදුරෝ තමන්ගේ කාල සටහනේ දේශන කරවන්නේ එයාලමද නැත්නම් අලුත ආපු අය දම්මලාද? සමහරු ටියුෂන්වල, සමහරු දේශපාලන වේදිකා වල. එහෙම නැත්නම් කාර් බ්‍රෝකර්, ඉඩම් බ්‍රෝකර් වැඩ වල කොච්චර ඉන්නවද එතකොට උගන්වන්න වෙලාවක් තියෙනවද? මාසෙට දවස් කීයක් කැම්පස් ඇවිල්ලද ඔය පඩිය ගන්නේ? ඔය යන රටවල සමහර විට මෙයාලා බදු නැතිවම පිළි ගන්නවා ඇති.
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමුර්ධි, විශ්‍රාම වැටුප්, මාර්ග නඩත්තුව මිනිසුන්ට නොමිලේ ලැබෙන දේ නොවේ. කෙඳිරි නොගා ඒ වියදම් වලට බදු ගෙවන්ට පුරුදු විය යුතුයි. ඕනේ රටක වැඩි ආදායමක් ලැබෙන උදවිය වැඩියෙන් බදු ගෙවනවා. බදු ගෙවීමට අකමැති අය, ඉහත සේවාවන් සඳහා ආදායම් සොයා ගන්නා විකල්ප මාර්ගත් ඉදිරිපත් කල යුතුයි.
රටේ ලොකු ආදායමක් ලබන සරසවි ඇදුරන්ට බදු ගෙවන්න බැරිනම් අනික් අය කොහොම ගෙවන්නද?
පිස්සු කෙලින්න එපා සජිත්. පුතානෝ එංගලන්තේ හිටිය නේද? කොහොමද එහෙ බදු ගැහිල්ල. පොඩ්ඩක් එහා අයර්ලන්තේ බදු ගැහිල්ල කොහොමද? මගේ දරුවාට ලැබුන යුරෝ 500 ඉන්ක්‍රිමන්ට් එකෙන් ඉයුරෝ 260 බදු වලට කපා ගෙන . මෙයා මෙහෙ පිස්සු කෙලිනවා. ඉන්න බැරිනම් දාලා යන්න කියන්න. පිටරට ගිය පලියට බදු නැති ජොබ්ස් හම්බවෙන්නේ නැහැ. ට්‍රක්ස් එලවන්න පුහුණු වෙලා එන්න කියන්න. හොඳ වැටුප් හැබැයි නහුතෙට බදු
මේවගේ කෙනෙක් රටේ ජනාධිපති වුණොත් කොහොමට තියෙයිද? ඔය කීයෙන් කී දෙනාටද ලෝකයේ උසස් journal වල publication තියෙන්නේ... පේටන්ට් international research funding තියෙන්නේ... ඔය කියන ආචාර්යවරුන්ගෙන් ඉතාම අල්පයකට පමණක් විදේශ රටක විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පුළුවන්. බහුතරයකට එසේ කරන්නට බෑ.. එහෙම පුළුවන් නම් මේ ගොල්ලෝ ඒක නොකර ඉන්නෙත් නෑ. විදේශ විද්‍යාලවල මහාචාර්ය පදවිය ලබා ගැනීමට සපුරායුතු කාරණා බැලුවොත් ඕනෑ කෙනෙක්ට එය පැහැදිලි වේවි. ලංකාවේ ජේෂ්ඨ මහාචාර්යවරු යැයි කියාගන්නා අයගේ තියෙන සුදුසුකම් එක්ක සංසන්දනය කරලා බලන්න..
මාසෙකට ලක්ෂ 5ට වැඩියෙන් හම්බ කරන මේ ඇදුරෝ බදු ගෙව්වාම මොකක්ද තියෙන ප්‍රශ්නේ...? රටේ අනිත් මිනිස්සු බදු ගැහුවේ නැතිද? පිටරටවල ඇදුරෝ බදු ගෙවන්නේ නැතිද?