(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනටමත් යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
මේ ගැටළුව සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතු සියල්ල කර ඇතැයි සරසවි ආචාර්යවරුන්ගේ සංගමය හොඳාකාරවම දන්නා බවද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා සියල්ල එකතු වුණාම වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ සියයට 36 කොටසට ඇතුළු වුණා. මේ බදු අය කෙරුණේ ඒ අනුවයි. ඒ කොටසට මැති ඇමති අපිත් ඇතුළු වුණා.
සරසවි ඇදුරන්ගේ සමහර ප්‍රශ්න අපි විසඳා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන් යවලා තියෙනවා. මගෙන් කරන්න ඕන කටයුතු කළා . ආචාර්ය වරුන්ගේ සංගමය ඒක දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අදාළ වාර්තා යවලා ඒ නිර්දේශය ගන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීන් තෝරා ගෙන බදූ සහන දෙන්න එපා. වෙන රටවල එහෙම වෙන්නේ නැහැ. ඕනේ නම් රටින් යන්න කියන්න. එතකොට දැනගනී බදු වදින්නේ කොහොමද කියලා. මගේ දරුවාට ලැබුන යුරෝ 500 වැටුප් වැඩිවීමෙන් යුරෝ 260 බදු ලෙස කපාගෙන. ඔන්න පිටරට බදු කෙරුවාව.
නැති ප්‍රශ්න ඇති කරලා ඒවට විසඳුම් හොයලා ඉවර වෙනකොට ඇදුරො ටික රට දාලා ගිහින්... පාලකයෝ යැයි කියාගත්තු මෙහෙමත් මොට්ට බූරු රැළක්..
කොහොමහරි තව කල් මරලා හොදම එවුන් ටික රටින් ගියාට පස්සේ, උබලට ඕන විදිහට නටවන්න පුළුවන් ඕන වෙලාවක කඩේ යවන්න පුළුවන් වැඩ බැරි ටාසන්ල ටිකක් දාගෙන පඩි වැඩිකරල රැක ගනින්. උබලගේ දේශපාලන අනාගතය රැක ගන්න පුලුවන් එතකොටයි. රටේ අනාගතය ගැන අහිංසක මිනිස්සු බලාගනියි.
හැට පැනලා පිළිසරණක් නැති මිනිස්සු ජීවත් වුණු පොලී ආදායමට 5%ක මාසික බද්දක් කපාගන්න මේ තුප්පහි රැළට සරසවි ඇදුරෝ කජ්ජක්ද? සමහරු බෙහෙත් ගත්තේ ගමනට වියදම් කලේ තමන් තැන්පත් කළ මුදලින් ගත් පොලීයෙන්. ඒකටත් කෙලවපු මොවුන් පොල්ගස් යන්න පුළුවන් අයට අස්වැසුම කියලා පිනට සල්ලි බෙදනවා ඡන්ද බලාගෙන, සමහරු චේන් දමාගෙන වටිනා හෙල්මට් දමාගෙනයි පින් සල්ලි ගන්න එන්නේ හිඟන්නෝ වගේ..!