(මනෝජ් හර්ෂික)
රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත්, ඇතැම් පාලකයන් කටයුතු කරන්නේ ජනතාවගේ සේවකයින් ලෙස නොව රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවැසීය.
පුත්තලම, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ ‘අයියනාර්පුරම්’ සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ ‘බැරිස්ටර් නෙයින මරික්කාර්ගම’ යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(24) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළේය.
පාලකයින් ජනතා මතයට පයින් ගසා කටයුතු කරන්නේ නම්, ජනතා අයිතිය කරුමයක් බවට පත් වන බවත්, රටේ පාලකයින් ලෙස පත් කර ගතයුත්තේ ජනතා සේවකයින්ද නැතහොත් රටේ සින්නක්කර අයිතිකරුවන්ද යන්න තීන්දු කිරීමට ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බවත් අමාත්‍යවරයා කීය.
රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙන පාලකයින් වංචා, දූෂණ, අක්‍රමිකතා කර රටේ ජාතික සම්පත් කොල්ලකන බවත්, පාලන බලය ලබාගන්නා අවස්ථාවේදී ජනතා සේවකයින් ලෙස බොරු ප්‍රතිරූපයක් රටට මවාපාමින් බැටළු හම පොරවා ගත් වෘකයින් ලෙසින් ජනතාව අතරට පැමිණෙන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට දැන් සේරම අමතකයි. නැවත ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ එයාට අගමැතිකම ලැබෙන විදියට, නැවත රටේ ආයතන දේපල පවුලේ අයට පාලනය බාරදෙන්න. කිසිම දවසක මේ දේට ඉඩ තියන්න එපා. කෝ උදයංග? දැන් ඒ ගැන කිසිම කතාවක් නැහැ. සිරිලිය ගිණුම නැවත මේ දේවල් පටන් ගන්න. එන්නේ හැට පැනපු කිසිම එකෙකුට ඇමතිකමක් වත් දෙන්න එපා. මෙරට මේ ජනාධිපතිවරණයේදී ගොඩගන්න ඕන තරුණ ජනාධිපති කෙනෙක්... සමග තරුණ. ඇමතිවරුන්, මහලු ඇමැති වරුන්ට විශ්‍රාම යන්න දෙන්න.
දස විජය කරනවා යැයි කියාගෙන ආපු මෙයාගේ පියා නටපු ජෝගියේ ඉතුරු කොටස කරන්න වගේ හදන්නේ..
ඔබතුමාගේ තාත්තා ගැනද ඔය කියන්නේ? නැත්නම්, වර්තමාන අගමැති සහ ජනාදිපති යුවල ගැනද? අතීතයේදී රට ආරක්ෂා කර, රටේ ආර්ථිකය ඉහළ නංවා, රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ නායකයෙක් හිටියා. එයාව අප පරද්දා දැම්මා...
ම්ම් ම්ම්.... තේරුණා තේරුණා... ඔහෙම ඒ දෙය කියපු එක හොඳයි... ඔය සුළු පක්ෂ යයි කියන හාදයින්ට ප්‍රසාද ආසන ගන්න.. එතකොට මැද කොළඹ ඡන්ද ගොඩ කේවල් කරකර ඉන්න අයගෙන් ඒ ටික ගන්න " ඒ හිවල්ලුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න ඉතාම කෙටිකාලයකින් නීති වෙනස් කළ ඔහේගේ තාත්තා ගැනත් ඒ විස්තර පැහැදිලි කරලා මහජනතාවට කිව්වොත් හොඳයි.. නිකන් බයිලා දෙසාබාන්නේ නැතිව...
ඔන්න කටේ මසුරන් දාන්න ඕනෑ කියමනක් කිව්වා... දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ කැමැත්තක් ගන්නේ නැතුව සිතුමතේට වෙනස් කර ගත්තා. මුළු පක්ෂකම නියෝජිතයින් තේරීම සියතට ගත්තා. ඡන්ද පැරදි පැරදී ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයින්ට දිගටම ඡන්දෙ ඉල්ලන්නත් පිටපිටම ඡන්දෙ දිනලා රටේ ජනතාව කැමැත්තෙන් ඉන්න නායකයින්ව ඉවත් කරන්නත් පුළුවන් වෙන විදියේ ව්‍යවස්ථාව (පසුව අවලංගු කලත්) හදාගත්ත, ජනතාවට ජනතාවගේ නියෝජිතයන් තෝරාගැනීමේ අයිතිය අහෝසි කොට පක්ෂ නායකයාගේ නියෝජිතයින් අතුරින් කැමති එකට කතිරය ගස්සවා ගැනීමේ ක්‍රමයක් හදාගත්තා.. ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරවම මැතිවරණ නොපවත්වාම විධායක බලය අතට ගැනීමට ක්‍රමයක් සදාගත්තා, ඉතින් මේ පාලකයන් ක්‍රියාකරන්නේ රටේ සින්නක්කර අයිතිකරුවන් වගේ නේන්නම්...
මෙතුමා තම ආසනය බේරාගෙන ඊළඟට විපක්ෂ නායක වීමට තැත් කරනවා විය හැකියි. එයාට හොඳටම තේරිලා තියනවා. තමන්ගේ නායකයා රට විනාශයට ඇදගෙන යන බව... අභිප්රායන් සාර්ථක වේවා !!!
සජිත් කෙලින් කියන්නකෝ... රාජපක්ෂලා අයිති කාරයෝ වගේ කියලා.
මහත්තයෝ රාජපක්ෂලා සින්නක්කර රජකම හිමි කාරයෝ නේ ඇයි දන්නේ නැද්ද..?
ඔබතුමා ඇත්ත කියන්නේ මහින්දලා හිතන් ඉන්නේ එහෙම තමයි. ඒවා සිහින....
කතාව සම්පුර්ණ ඇත්ත .
මෙයාගේ මේ වචන කලින් කොහෙද තිබුනේ? මට හිතෙන විදියාට නම් මෙයා මේ හැරෙන්නේ තැඹිලි පැලෙටයි.
ඉතින් කොච්චර හොඳද. නායකයෝ ඉන්න ඕන එහෙම තමා.