
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව සභා නායක ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයන් ගැන එරට නීතිය අනුව ක්‍රියා කරන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව කී බිමල් රත්නායක අමාත්‍යවරයා අදාල කාරණය ගැන තමිල්නාඩු ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කළේය.
ඉන්දීය ආණ්ඩුව ලංකාවට කොච්චර උදව් කලත් යාපනේ ජනතාවට මේ උදව්ව කරන්නේ නැත්නම් අනෙක් කාරණා සැබෑ උදව් වෙනවාද යන ප්‍රශ්නය තිබෙන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කීය.
උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින්නේ යැයිද සභා නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මිනිසුන්ට උදව් කරනවා කියන්නේ ගංවතුර ආධාර බෙදීම ආදිය නොව ස්වශක්තියෙන් ජනතාවට නැගී සිටින්න ඉඩ හැදීම යැයි ද ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩග්ලස් දේවානන්ද ධීවර ඇමැතිවරයා වෙලත් මේතරම් අගේකොට සැලකිය හැකි ඉල්ලීමක් නොකිරීමෙන් ඔවුන්ගේ තිබෙන ජාතික හැඟීම හිතාගන්න පුළුවන් නේද?
කලාපීය දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැන බාලාංශ ඇමැතියෙක් කරන ගොබ්බ ප්‍රකාශයක්. තමිල්නාඩුවේ ඡන්ද කෝටි පහක් නැතිකරගෙන අපිට උදව් කරයිද? මෙහෙම ප්‍රශ්න බොහෝ රටවල් අතර තියෙනවා. ඒ හැමෝම කරන්නේ ගැටුමක් ඇති නොවෙන විදියට මුහුදේ ආරක්ෂාව වැඩිකරන එක...
ලංකාවට එන චීන හෝ පකිස්තාන් නැව් ගැන කැක්කුමක් තියන ඉන්දියාව . අපි බලමු ඉන්දියාව අවන්කවම මෙම ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ කොහොමද කියලා
ළඟදී මෝදි එනවානේ ලංකාවට එතකොට කියන්න මේ දේවල්