(අංජුල මහික වීරරත්න)
බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන් කොරෝනා මර්දනය කළ හැකිදැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා මරණ වාර්තා සකසන්නේ රෝහල් සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාල දෙන දත්ත අනුව යැයි ද වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ යැයි ද රත්නප්‍රිය මහතා කීය.
"මේ හැම වාර්තාවකම සඳහන් වන්නේ ඊට පැය 24 කට පෙර වූ මරණ නොවේ. එය වරදක් තමයි. ඒ බව සියලු දෙනා දැනගෙන සිටියා. නොදැන සිටියේ ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් පමණ ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. අදාළ වාර්තාව පදනම් කර ගන්නා කාල වකවානුව එහි සඳහන් වෙනවා. එසේ නැතිව පෙරදින වූ මරණ ලෙස වාර්තාවේ සඳහන් වන්නේ නැහැ."යනුවෙන් ද රත්නප්‍රිය මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වෙනුවෙන් පෙනී සිටින අයගෙන් ඔබ හඳුනා ගත හැකිය.
දැන් එතකොට මෙයාට වැඩ පුලුවන්ද
මාර ප්‍රජාතන්ත්‍රවාදියා... සති දෙකේ පාර්ලිමේන්තු ගමණින් කෝටි 04ක කාර් එකක් අරගෙන දැන් මරු කියවනවා.
පුහුල් හොරා කරෙන් දැනේ...
මෙයා මේ කියන කතාවෙන් තේරෙන්නේ මේ අවුල් ජාලයට මෙයාත් සම්බන්ධ බවයි. නරියා බව හඳුනා ගත්තේ ඌ කෑ ගහන කොටනේ...
ඔබ ලෙඩුන් වෙනුවෙන් කර ඇති සේවය ඉමහත්ය. මෙරටට පව්කාර වර්ජන රටාව හඳුන්වා දුන් එක් පුරෝගාමී පුද්ගලයෙක්. නොදන්වා වර්ජන කිරීමත් සමග අසාධ්‍ය ලෙඩුන් කොපමණ එකල මිය යන්නට ඇත්ද...? ඒ ගැනද සංගණනයක් කර ජනතාවට පාපොච්චාරණයක් කළ නොහැකියිද?
දීකිරට බළල්ලුත් සාක්කි කිව්වලු. මෙයාගේ කතාවෙන් සහ පරාජිත දොස්තරගේ කතාවෙන් තේරෙනවා... හරියටම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ගොල්ලො තවත් හිටියොත් ලැබිලා තියෙන එන්නත් ටිකවත් හරියට වෙලාවට දීගන්න බැරිවෙන එක නම් ෂුවර්...!!!
මෙන්න මෙයාගේත් බැංකු ගිණුම් එහෙම බලන්න වෙනවා. කඩේ යනවා නේද?
අර ගත්ත වාහනේ ගෙනත් දුන්නා නම් කෝටි කීයක්ද නේ?
කොරෝනා මඩින්න කාටවත් බෑ.. කොරෝනාවල මූලික ටාගට් එක ඔන්ලයින් බිස්නස් සහ බටහිර බෙහෙත් ව්‍යාප්තියයි...