
(උපුල් හේරත්)
අනවසර විදුලි රැහැනක ගැටුණු ඇතකු සහ වල් අලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනුරාධපුර සහකාර වනජීවි කාර්යාලය කියයි.
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුක්කුලමේ පෞද්ගලික ඉඩම් හිමියකු තම ඉඩම වටා ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලින්අ ඇතා සහ අලින් දෙදෙනා මියගොස් ඇති බව වනජීවි නිළධාරීන් කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කලාප බාර සහකාර වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්. එම්. චන්ද්‍රරත්න මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ කිසිදු අවසරයක් නොමැතිව විදුලි රැහැන් ඇද සතුන් මරා දැමීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව සහකාර අධ්‍යක්ෂක වරයා අවධාරණය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් අපට උරුමව ඇති මහ වනය ... ඔප්පු ලියා පවරා සිදුකොට විණය ... විදුලි මාරයා යොදලා කළ හෙණය .. උඩ ඉන්නා දෙවිඳු දැක විසඳනු පැනය ...
ඔය කොළඹ පැත්තත් මීට අවුරුදු 150-200 කට පමණ පෙර වනගත ප්‍රදේශ. වර්තමානයේ ඒ ප්‍රදේශවල වනාන්තර එළි වෙලා සතුන් නැති වෙලා තියෙන එක හරිද?