(විමුක්ති එස් රුද්‍රිගු)

ඔබ ආහාරයට ගැනීමට කැමතිම කෑමක්  ඇණවුම් කර කෙතරම් කාලයක් බලා සිටීමට ඔබට හැකියාව ඇත්ද? ඔබ ඇණවුම් කළ ආහාර අයිතමය ලැබෙන තෙක් වසර 43 ක් බලා සිටිය හැකිද? පිළිතුර නැත යන්නයි. විනාඩි 30 හේ සීමාව පසුවත්ම කාගේත් සිත නොසන්සුන් වීම සාමාන්‍ය කරුණකි.

නමුත් බටහිර ජපානයේ අසහියා නම් මස් වෙළඳසැලක මෙනු පතේ ඇති ගව මස් යොදා පිළියෙළ කරන ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් පෙට්ටියක් (එක් පුද්ගලයකුට ප්‍රමාණවත්) ඇණවුම් කළහොත් එම ඇණවුම් කරන්නාට තම ඇණවුම ලබා ගැනීමට වසර 43 ක කාලයක් බලා සිටීමට සිදුවේ.

මිලෙන් අධික නොවන කොබේ බිෆ් ක්‍රොකට්ස් ජපානයේ ප්‍රියතම ආහාරයකි.1926 විවෘත කර ඇති මෙම මස් වෙළඳසැල සිය පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ගවමස් ලබාදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.2000 වසරේදී පහසුවෙන් පිළියෙළ කර ගත හැකි ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් ආහාරය අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධිය ලැබී ඇත.

මීට වසර දෙකකට පෙර එම ආහාර අයිතමය ඇණවුම් කර එය ලැබෙන තෙක්  බලා සිටිය යුතු කාලය වසර තිහක් වී ඇති අතර මේ වන විට එය වසර 43 ක් දක්වා වැඩි වී තිබේ,