
ඇට්ලස්, අඛණ්ඩව 3 වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.
ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය පිළිගත් අතර, සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා යන මහත්ම මහත්මීන් සමග ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමේ සාමාජික පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
මීට අමතරව තරුණ පරපුරේ තේරීම අනුව වසරේ විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරට එක්වීමටද සමාගමට හැකියාව ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. සමාගම වෙත මෙම ඇගයීම හිමිවීම තමන්ට මහත් සතුටක් හා ගෞරවයක්. “දිවයිනේ ප්‍රමුඛතම පාසල් සැපයුම් සන්නාමයක් ලෙස අප දශක 6 කට අධික කාලයක් තිස්සේ රටේ දරුවන්ට හොඳම දේ ලබාදුන්නා. වර්තමානය වනවිට අප හුදෙක් ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා අලෙවියෙන් ඔබ්බට ගොස්, විවිධාකාර අධ්‍යාපන උපකරණ, අන්තර්ගතයන් හා අත්දැකීම් ඔස්සේ සන්නාම ප්‍රතිඥාව ඉටුකරන ඉගෙනුම් සන්නාමයක් බවට පත්වී තිබෙනවා. අපගේ නිෂ්පාදනවලට සහ සමාජ සත්කාරයන්ට මූලික පදනම වන්නේ ‘ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම’ යන අරමුණයි. නිෂ්පාදන කටයුතු හා නවෝත්පාදනය සම්බන්ධ අපගේ දැක්ම ඔස්සේ අපගේ නිෂ්පාදන එකතුව, ඉගෙනුම විනෝදාත්මක හා ප්‍රායෝගික අත්දැකීමක් බවට පත්කරන සහ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉෂ්ට කරන මෙවලම් එකතුවක් බවට පත්වී තිබෙනවා. ඇට්ලස් සන්නාමය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වීමට මෙයත් එක් ප්‍රධාන හේතුවක්. Youth Choice සම්මාන කාණ්ඩයට අප නිර්දේශ වීම, මේ ජනප්‍රියත්වයට පැහැදිලි සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.”
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇට්ලස් SLIM සම්මාන දිනයි