(රංජන් කස්තුරි)

රජයට වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී ඇතැයි ශ්‍රී ලංකා ඇඟළුම් ආපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි.

අපනයනකරුවන්ට වැට් බදු යළි ගෙවීම හෙවත් සරල කරන ලද වැට්බදු ක්‍රමය හේතුවෙන් අපනයන කේෂත්‍රයේ විශාල දිරි ගැන්වීමක් තිබුණ්  නමුත් එම ක්‍රමය ඉවත් කිරීම නිසා සුළු හා මධ්‍යම පරිමාණ ඇඟළුම් සමාගම්වලට මුදල් ප්‍රවාහනය කළමනාකරණය කර ගැනීමේ විශල ගැටළුවක් මතුව ඇතැයි ද බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි.