(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරේ ඇඟ හැපෙන ගාණට සංචාරකයන් රටට පැමිණෙමින් සිටින බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

පිරිසක් ඊයේ පාරේ පැමිණ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ බවත් මෙවැනි දේවල් සිදුවනවිට සංචාරකයන් පැමිණීම යළි අඩාල විය හැකි බවත් අමාත්‍යවරයා කීවේය.

ඩොලර්  ඇතත්  දැන් තියෙන්නේ රුපියල්වල අඩුවක් බවද  හෙතෙම ප්‍රකාශ කළේය.