(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරේ ඇඟ හැපෙන ගාණට සංචාරකයන් රටට පැමිණෙමින් සිටින බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
පිරිසක් ඊයේ පාරේ පැමිණ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ බවත් මෙවැනි දේවල් සිදුවනවිට සංචාරකයන් පැමිණීම යළි අඩාල විය හැකි බවත් අමාත්‍යවරයා කීවේය.
ඩොලර් ඇතත් දැන් තියෙන්නේ රුපියල්වල අඩුවක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ වෙන්නනම් ගොඩක් ලොකු වෙන්න ඔනෙ.
සුද්දෝ ඉන්නවා නමුත් උන් හිඟන්නෝ
ඔව්, අපේ රුපියලේ වටිනාකම අඩුවීමත් සමග සංචාරකයින් වැඩිවෙනවා.
විදුලි කප්පාදුව සංචාරක කර්මාන්තයට මරු පහරක්.
මේ ලඟදි ලංකාවට පැමිණි රුසියන් සංචාරක යුවලක් තැබූ සටහනකින් සුළු කොටසක් මේ ඇමතිවරයාගේ අවධානයට මෙසේ ඉදිරිපත් කරමි. " අපට මේ ලස්සන රට එපාවීමට හේතු කිහිපයක් මෙසේය. අසහනකාරී පිරිමින්, කළහකාරී සහ කපටි ත්‍රීරෝද රථ රියදුරන්, සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් අයකිරීම්, සංචාරකයින් මෝඩයින් ලෙස සළකන්නන්, භයානක අවිනීත බස් රියදුරන්, වංචාකාරයින්, හැම තැනකම දකින්නට ඇති අපිරිසිදුකම, පිරිසිදු වැසිකිලි පහසුකම් නැතිකම, විදුලි විසන්ධිකිරීම්, විශාලලෙස දුප්පත් මිනිසුන් විශේෂයෙන් දුප්පත් කුඩා ළමයින් හැමතැනකදිම දකින්නට ලැබීම වැනි ලෙහෙසියෙන් විසඳාගත හැකි අපහසුකම් වලට අපට මුහුණදීමට සිදුවුන නිසා අපට මේ ලස්සන රට එපාවූ බව කනගාටුවෙන් උවත් සඳහන් කල යුතුවෙයි "
හැම සුද්දම වැඩක් නෑ. උන් අපෙන් කාල ජිවත් වෙන්නෙ.
ඩොලර් තමයි හිග ලංකාවේ, බැංකු කඩන හොර සුද්දෝ නම් ඉන්නවා.
අරගලය නැත්නම් ඔය සුද්දෝ ටික බලාගන්න තිබුනා .බංකොලොත් රටට සුද්දෝ හැමදාම එයි කියලා හිතුවද?
මහින්දලා වගේ අය කියන කතා පුදුම නැහැ.
කොහෙද ඔය කියන පළාත තියෙන්නේ.?