IMG-LOGO

ආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ පස් වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින රටවල් හතර වන්නේ ලෙබනනය,සිම්බාබ්වේ,වෙනිසියුලාව සහ තුර්කි යයි.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජූනි මාසයේ සියයට 75.8 ක් ලෙස වාර්තා වූ අතර එය ජූලි මාසයේ සියයට 82.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා වල සඳහන් වේ. 



අදහස් (7)

ආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනට

Vira Tuesday, 23 August 2022 11:41 AM

සමත් නෙමෙයි අසමත්.

:       2       9

Surain Tuesday, 23 August 2022 12:17 PM

මෙවැනි තත්ත්වයක් අපට ඇති කළ පාලකයන් නේද තවම බලයේ ඉදන් ජනතාවට තර්ජන ගර්ජන කරන්නේ.

:       4       18

යෝගා Tuesday, 23 August 2022 12:52 PM

පාලකයන් වැරදි ඇති. නමුත් මේ තත්ත්වයට වඩාත්ම වගකිව යුත්තේ කූඨ වෙලඳ ප්‍රජාවයි.

:       11       6

fairoos Tuesday, 23 August 2022 01:05 PM

නන්දසේන සහ පොහොට්ටුවේ නඩය තමයි අපේ රට මේ තත්ත්වෙට පත්කරේ. මේ කරපු අපරාධයට හෙන වදිනවා.

:       5       10

Perera Tuesday, 23 August 2022 02:10 PM

කාටද ආඩම්බර. පළවෙනි තැනට ආවම කිරිබත් කන්න ලැබෙන එකක් නැහැ නේද?

:       0       1

Sunil Tuesday, 23 August 2022 03:55 PM

අනේ ඒකෙන්වත් රන් පදක්කම දිනනන්න බැරි වුණාද? ලබන වසර වන විට අපි ඔය දර්ශනයේ උඩින්ම සිටියි. රනිල්ට ජයවේවා.

:       1       0

Buddi Tuesday, 23 August 2022 05:15 PM

එළකිරි වෙන මොනව කියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site