(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ පස් වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින රටවල් හතර වන්නේ ලෙබනනය,සිම්බාබ්වේ,වෙනිසියුලාව සහ තුර්කි යයි.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජූනි මාසයේ සියයට 75.8 ක් ලෙස වාර්තා වූ අතර එය ජූලි මාසයේ සියයට 82.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා වල සඳහන් වේ.